ටැංකියේ අලුත් ජලය අපැහැදිලි වෙන්නේ ඇයි?




සමහර වෙලාවට මාලු ටැංකිය හොදට සුද්ද කරලා අලුත් වතුරත් දාලා දවස් දෙක තුනක් යද්දි වතුර clear නැති වෙනව (filter දාලා තියෙද්දිත්)... සමහර මාළු මැරෙන තත්වයට බරපතල වෙනවා.. මේකට එක හේතුවක් තමයි වතුරේ තියෙන nitrites (හුගාක් මාලු ඉන්නවනන් nitrite level එක ඉක්මනින් ඉහල යනවා)... Nitrite වලට හැදෙන Algae නිසා තමයි අලුත් වතුර ඉක්මනින් clear නැති වෙන්නේ... අලුත් වතුරට මෙහෙම වීමට හේතුව තමයි ඔක්කෝම සුද්ද කරයි පස්සේ nitrite, nitrate කරන bacteria නැති වීම... මේ bacteria එක nitrite තියද්දී නිකන්ම හැදෙනවා... නමුත් හැදෙන්න යන්න පරක්කුවට තමා මේ ඔක්කොම ලෙඩ...සමහරවෙලේට ටැංකිය autoම clear වෙන්න මේ bacteria එක හැදුනම...මේ bacteria එක ඉහළ oxygen level වලට කැමති නෑ... ඒක නිසා තමා හුගක් internal filter තියෙන ටැංකි මේ ප්‍රශ්නයට මුහුණපාන්නේ....මොකද filter media එක වතුර ඇතුලේ තියෙන නිසාත්, වතුරේ අපි මාළුන්ට ඉහළ oxygen level එකක් පවත්වාගෙන යන නිසාත්...එවගේ ටැංකියක ඔය bacteria එක පොඩ්ඩක් හරි හැදෙන්නේ අඩියට දාලා තියෙන ගල්/පස් වල....
නමුත් ඒවත් ඔක්කොම සුද්ද කරාම එතනත් ඕන bacteria එක නෑ... මේකට හොදම විසදුම තමා අඩියේ පස්/ගල් සම්පූර්ණයෙන්ම එළියට අරන් පිරිසිදු කරන්න එපා....ගල්, පස් සුද්ද කරන හොදම ක්‍රමය තමා Siphon කරන එක... අපි හිතමු අලුතින් ගල්/පස් දානවා කියලා...එහෙනන් අඩු ගානේ filter pad වත් සම්පූරණයෙන් පිරිසිදු නොකර දාන එක තමා හොද.... අලුත්ම ටැංකියකනන් ඉතින් algae එකට හැදෙන්න දීලා පස්සේ හෙමීට වතුර මාරුවක් තමා කරන්න වෙන්නේ.... ඒ කාලේ ඇතුලට වටින, වතුරේ pH එක හුගක් බලපාන මාළු දාන්න එපා...
තව ඉතින් විවිධ ක්‍රම තියෙනවා external filter එකක් හයි කරනවා වගේ වැඩ..මම ඉදිරිපත් කරේ පවතින් ටැංකියකට කල හැකි දේ...ඔය කිව්ව ටික අදාල වෙන්නේ ටැංකිය සුද්ද කරද්දී... 
Nitrite level අඩු කරගන්න,
  1. ටැංකිය නුසුදුසු ලෙස මාළුන්ගෙන් පුරවන්න එපා.
  2. ඕනාට වඩා මළුන්ට කන්න දෙන්න එපා.
  3. නිතර පරණ වතුර අඩු කරලා අලුත් වතුර පුරවන්න. 
  4. හැකිනම් ජලජ ශාක කිහිපයක් සිටුවන්න

Comments

Popular posts from this blog

ඉබ්බෙක්ද? කැස්බෑවෙක්ද?

මාළුන්ටත් පණු බෙහෙත් [UPDATED]