ඉබ්බෙක්ද? කැස්බෑවෙක්ද?

ඔයාලා දැනටමත් දන්නවා ඇති "මාළු පිස්සුව" blog එක තුළින් හැමදාමත් ගෙන එන්නේ අලුත්ම සහා වැඩිය කතාබහට ලක් නොවන කරුණු ගැන. මේ post එකත් ඒවගේමයි. මෙම post එකේ ප්‍රධාන පින්තූරය දැක්ක ගමන් හුගක් අය දන්නවා මේ ඉන්නේ ඉබ්බෙක් කියලා. අපි මෙයා ජීවත් වන වයස, විශාලත්වය ආදිය නෙමෙයි කතා කරන්න බලාපොරොත්තූ වෙන්නේ, අපි මෙයාගේ නමයි විශ්ලේෂනය කරන්න උත්සහ කරන්නේ.
ඉංග්‍රීසි නාමය: Red Ear Slider 
සිංහල නාමය: රතු කන් ඉබ්බා

මෙවැනි උරගයන් ඉංග්‍රීසියෙන් වර්ග 3කට බෙදෙනවා. ඒ tortoise, turtle සහ terrapin ලෙස. අපි tortoise සහ turtle ගැන අහලා තියෙනවා. මේ terrapin කියන්නේ ඇත්තටම කුඩා turtle විශේෂයක්. අපේ මේ Red Ear Slider කියන කෙනාගෙත් නම ඉංග්‍රීසියෙන් නිවැරදිව කියනාවනම් Red Ear Slider Terrapin තමයි වෙන්න ඕන. නමුත් terrapin කියන්නේ turtle වර්ගයක් ලෙසම සැලකෙන නිසා Red Ear Slider Turtle ලෙස ඉංග්‍රීසියෙන් බහුලව මෙයාලව හදුන්වනවා. මේකේ ඇත්තටම කිසි ගැටළුවක් නෑ.

නමුත් සිංහල නාමය තුල තරමක ප්‍රශ්නයක් මම දකිනවා. අපි මේ Red Ear Slider Turtleලව හදුන්වන්නේ "රතු කන් ඉබ්බා" ලෙස. සාමාන්‍යයෙන් අපි ඉංග්‍රීසී නාම වල පරිවර්ථන බැලුවොත් මෙහෙමයි.
Tortoise = ඉබ්බා
Turtle = කැස්බෑවා
Terrapin = මේ නමට අදාල සිංහල නාමයක් සොයාගැනීමට නොහැකි විය.

මෙහෙම බලනකොට සිංහල නම ඉංග්‍රීසියට පරිවර්තනය කලහොත් එන නම Red Ear Slider Tortoise. ඉංග්‍රීසියේදී terrapin වෙනුවට turtle නම භාවිතා වෙන්නේ මේ වර්ග දෙකේ තියෙන සමානතා අනුව, නමුත් සිංහල භාෂාවේ නාමයන්ට අනුව terrapin සහා tortoise තමා සම්බන්ද වෙන්නේ. දෙවර්ගයටම "ඉබ්බා" ලෙසයි හදුන්වන්නේ.

ඉතින් මොන නමින් හැදින්වූවත් මොකෝ?
හුගක් අය නොහිතන දෙයක් තමයි නමක ඇති විශේෂත්වය. ඉබ්බා කියන්නේ අපිට පොඩි කාලේ ඉදන් අහන්න ලැබෙන සතෙක්. බොහෝ ඉබ්බන් වර්ග ශාකභක්ශකයි. එවගේම ඔවුන්ට ජලය සහිත පරිසරයක් අවශ්‍ය නෑ. හුගක් ඉබ්බන්ට පීනන්නත් බෑ. මම දැකලා තියෙනවා ඉතා වියලි ප්‍රදේශවල පවා මොවුන් හොදින් ජීවත් වෙනවා. හුගක් අය ඉබ්බන් ගැන මේ කරුණු දන්න නිසා Red Ear Sliderලව මිලදී ගන්න අයත්, එයාලට ඉබ්බන් ලෙස සලකනවා.

නමුත් මේ Red Ear Slider වර්ගය ඔය එකක්වත් ප්‍රිය කරන්නේ නෑ. මොවුන් සමහර කොල වර්ග, පළතුරු කෑවත් වැඩියෙන් ප්‍රිය කරන්නේ මස් මාංශ වලට. මොවුන්ට එවා අවශ්‍යයි හොද වර්ධනයකට. ජලය ආශ්‍රිතව තමයි ජීවිතය ගෙවන්න කැමති. ජලයේ හොදට පීනන එක මෙයාලට නීරෝගීව ජීවත්වෙන්න හොද ව්‍යායාමයක්. මොවුන්ට වතුර යටට වෙලා බොහෝ වේලාවක් ඉන්නත් පුළුවන්. අපිට ඉබ්බෙක් කිව්වොත් මුලින්ම මතක් වෙන දේ මොකක්ද? මන්දගාමී ගමන... 
නමුත් මේ Red Ear Slider ලා ඉතාමත් වේගවත්. ගොඩදී වේගවත් වගේම ජලයේ ඉතා වේගවත්. මේ වේගය ඔවුන්ට සතුන් දඩයම් කරගන්න උපකාරී වෙනවා. 

මට කියන්න ඕන උනේ මෙච්චරයි. 
මෙයාලට ඉබ්බන් වර්ගයක් ලෙස සැලකීම කොහෙත්ම සුදුසු නෑ. මෙයාලා ඇති කරන අය හොදින් හොයලා බලලා එයාලට අවශ්‍ය පරිසරය, ආහාර ලබා දෙන්න. මොකද ඉබ්බන්ට වතුර අවශ්‍ය නෑ කියලා සමහර අය මෙයාලව ජලය රහිත පරිසරයක තියාගන්න ඉඩ තියෙනවා, එවගේම ශාකබක්ශකයි කියලා කොල වර්ගම කවන්න ඉඩ තියෙනවා. නමුත් ඒ ජීවිතය ඔවුන්ට සුන්දර නෑ. 

කොහොම නමුත් මොවුනගේ සිංහලෙන් නම් කිරීම අනුව මොවුන් ඉබ්බන් ලෙස තමයි හදුන්වන්න වෙන්නේ. කැස්බෑවෙක් ලෙස නම් කිරීම වැරදී මොකද කැස්බෑවන් මිරිදිය සත්ව විශේෂයක්. නමුත් අපිට මොවුන්ට සලකන්න වෙන්නේ කැස්බෑවන් ලෙස. අපි පොඩිකාලේ ඉගෙනගන්න, දකින්න ලැබෙන තාරකා ඉබ්බන් වැනි ඉබ්බන්ට මොවුන්ගේ  හැසිරීම් රටාවේ සම්බන්ධයක් නොමැත.

සිංහල නාමකරණයේ ලොකු අඩු පාඩුවක් ලෙස තමයි මොවුන්ට ඉබ්බන් ලෙස නම් කිරීම මම දකින්නේ. එයින් ඉබ්බන්ගේ සැබෑ චර්යාවන්, ආහාර ගැනීමේ ලක්ෂන යටපත් වෙන අතර, මෙම sliderලට අවශ්‍ය සැලකිල්ල ලැබෙන්නෙත් නෑ.

Comments

Popular posts from this blog

ටැංකියේ අලුත් ජලය අපැහැදිලි වෙන්නේ ඇයි?

මාළුන්ටත් පණු බෙහෙත් [UPDATED]