Current නැති වෙලාවට දුවන air pump එක

ලංකාව කියන්නේ නිතරම විදුලි විසන්දිවීම් තියෙන රටක්. මාළු ඇති කරන අයට මේකෙන් වෙන ලොකුම හානිය තමයි ටැංකියේ air pump එක නවතින එක. පැය දෙක තුනකට වඩා ලොකු කාලයක විදුලි විසන්දි වීමක්නන් ඉතින් මාළුන්ට උස්ම ගැනීමේ අපහසුතා එනවා. සමහර වෙලේට ගොඩාක් මාළු මිය යාමටද ලක් වෙනවා. මේකට හුගක් අය විසදුමක් ලෙස වෙළදපොලේ ඇති battery වලින් දුවන air pump භාවිතා කරනවා. මෙම battery වලින් දුවන air pump වල තියෙන ලොකුම අඩු පාඩුව තමයි මේවා විදුලි විසන්දිවීමකදි auto on වෙන්නේ නෑ. ඒ කියන්නේ ඔයා ගෙදර නැති අවස්ථාවක හෝ රාත්‍රී කාලයේ විදුලි විසන්දි වීමක් වුවහොත් මාළුන්ට air දෙන්න ක්‍රමයක් නෑ. වෙළදපොළේ auto on වෙන air pump තියෙන්නත් පුළුවන් (මටනන් හම්බ වෙලා නෑ). තිබුණුත් අනිවර්යෙන් විශාල මුදලක් විය හැකී. මේ post එකෙන් අද කියන්න බලපොරොත්තු වෙන්නේ ඉතා අඩු වියදමකින් (රු.1500ක් පමණ ) ගෙදරදීම current ගිය ගමන් auto on වෙන air pump එකක් සාදාගන්නා ක්‍රමයයි.

අවශ්‍යවන දේවල්:

  1. 18650 Lithium Battery දෙකක්
  2. 18650 Lithium Battery Charging module
  3. 18650 Battery රදවගන්න casing එකක් (ගෙදරදිම ඒකත් හදාගන්න)
  4. 5V mini relay
  5. DC Air Pump motor
  6. Switch එකක්
  7. Phone Charger එකක් (Micro USB)
  8. Soldering tool එකයි, ඊයම් ටිකකුයි (Hardware වල තියෙනවා) - මේවාට යන වියදම සලකලා නැත.

18650 බැටරි වර්ගය මම තෝරාගන්න හේතුව එකේ capacity එක සාපේක්ෂව වැඩි. නමුත් ඔයාලට ගෙදර වෙන rechargeable ජාතියේ battery තීනන් charging circuit එකක් එක්ක, ඒවා උනත් භාවිතා කළ හැකි. වැදගත්ම දේ voltage එක 3VDC-12VDC අතර voltage එකක් motor එකට ලබා දීමයි. (ඊට අඩු උනොත් වැඩ කරන්නේ නෑ, වැඩි උනොත් motor එක ඉවරයි). ඔන්න පහළ තියෙන්න circuit diagram එක. ඔය විදියට තමයි ඔය කිව්ව කෑලි ටික අටවගන්න තියෙන්නේ. ඒකට තමයි Soldering tool එකයි, ඊයම් ටිකකුයි ඕන වෙන්නේ. හැබැයි ඕවා භාවිතා කරන්න දන්නේ නැත්තන් භාවිතා කරන විදිය හොයාගෙන වැඩේට බහින්න. නැත්තම් දන්න කියන කෙනෙකුට කියලා කරගන්න. ඔය ටික හරියට අටවගත්තයි පස්සේ ඒකට phone charger එක ගහන්න තමයි තියෙන්නේ. හැබැයි වෙනම phone charger එකක් ඕන වෙයි ඕකට දිගටම ගහලා තියන්න. තමන් phone එකට භාවිතා කරන charger එක යොදාගන්න එපා.



දැන් බලමු එක එක කොටස් වලින් සිදුවන දේ. මේක පැහැදිලිව තේරුම් ගත්තොත් තමන්ට ඕන වෙනස්කම් ටික ලේසියෙන් කරගන්න පුළුවන්.  රතු වර්ණයෙන් තියෙන්නේ (+) සම්බන්දතා, කළු වර්ණයෙන් තියෙන්නේ (-) සම්බන්දතා, කහ වර්ණයෙන් තියෙන්නේ ඔබට අවශ්‍යනන් පමණක් කළ යුතු සම්බන්ධතාවයක්. ඒකෙන් වෙන දේ ලිපියේ යටට යද්දි තේරුම් කරලා දෙන්නන්.

18650 Lithium Battery

මෙම battery 2ක් මම යොදාගන්න හේතුව එමගින් පැය 12කට පමණ කාලයක් එක දිගට current නැතිව motor එකට දුවන්න හැකි වන නිසා. තමන්ට අවශ්‍ය පරිදි battery සංඛ්‍යාව වෙනස් කරගන්න පුළුවන්. එමගින් සිදුවෙන්නේ motor එක දුවන කාලය අඩු වැඩි වීම සහ charge වෙන්න ගත වන කාලය අඩු වැඩි වීම පමණී.

18650 Lithium Battery Charging module

මේකෙන් තමා අපේ rechargeable battery charge කරගන්නේ. මේ module එක අපිට අවශ්‍ය වෙන්නේ battery එක බහිද්දී auto recharge වෙලා අයේ charge වෙලා ඉවර උනාට පස්සේ charging off වෙන්න. මේකට power දෙන්න microUSB type phone charger එකක් තමයි ඕන. ඒ කියන්නේ මුලු circuit එකම අපි power කරන්නේ phone charger එකකින්.

5V Mini Relay

Relay එක ඇත්තටම automatic switch එකක්. Relay එක තමයි තීරණය කරන්නේ power තියෙන වෙලේට motor එකට current දෙන්නේ කොහෙන්ද, current නැති වෙලාවට motor එකට power දෙන්නේ කොහෙන්ද කියලා. ඉහත දීලා තියෙන circuit diagram එකේ රතු සහ කලු connection වලින් හදලා තියෙන්නේ motor එක current නැති වෙලාවට දුවලා, අනෙක් වෙලාවට off වෙන්න. මොකද current තියෙන වෙලාවට ඔයාලගේ සාමාන්‍ය air pump එක දුවන නිසා. නමුත් ඔය කහ පාටින් ඇදලා තියෙන connection එක relay එකට දුන්නොත්, current තිබ්බත්, නැතත් motor එක දිගටම දුවනවා.

DC Air Pump motor

මේ ජාතියේ motor ලාභෙට තියෙනවා පාවිච්චි කරන ලද pump වලින් ගලවගත්තු. මේවා 3V-12V අතර voltage එකක වැඩ කරනවා. Voltage එක වැඩි වෙන්න වැඩි වෙන්න air flow rate එක වැඩි.  නමුත් අපේ කර්ය්යෙදී 3.7V වගේ තමයි motor එකට ලැබෙන්නේ. හදිස්සියකදි පමණක් දුවන air pump එකක් නිසා එය ප්‍රමාණවත්. ඇවශ්‍ය නම් voltage එක වැඩි කරලා උනත් දෙන්න පුලුවන් හැබැයි එතකොට එක charge එකකින් දුවන කාලය අඩු වෙනවා.

Switch


Switch එකේ අවශ්‍යතාවය නන් ඉතින් මෙම උපකරණය on/off කරගැනීමයි. වෙන උපකරණ වගේ නෙමේ මේ උපකරණය ගෙදර plug එකෙන් ගැලෙව්වයි පස්සේ තමා වැඩ කරන්න ගන්නේ (current නැති අවස්තාවක් කියලා හිතලා). ඒක නිසා switch එකක් භාවිතය හුගක් වැදගත් වෙයි. (නැතිනම් battery එක ගලවලා දාන්න තියෙන්නේ).


මම හිතනවා මෙම කරුණු ප්‍රමාණවත් වෙයි කියලා වැඩේ සාර්ථකව කරගන්න. ඔයාලට තියෙන ප්‍රශ්න comment මගින් පහළ සදහන් කරන්න. හැකි තාක් ඉක්මනින් පිළිතුරු සපයන්නන්. මම හදපු එකේ video එක පහළින්.


Comments

  1. battary 2k wenuwata 4k use karot wadi kalayak current natiwa use karanna puluwan neda. ehema karata aulak nadda. tawa may sercit kohenda ganna puluwan

    ReplyDelete
    Replies
    1. ow puluwan, ethakota charging circuit dekak wage use karanna wei habai. Circuit ganna Ebay or pitakotuwen

      Delete

Post a Comment

Popular posts from this blog

ඉබ්බෙක්ද? කැස්බෑවෙක්ද?

ටැංකියේ අලුත් ජලය අපැහැදිලි වෙන්නේ ඇයි?

මාළුන්ටත් පණු බෙහෙත් [UPDATED]