ටැංකියේ oxygen දියකරගන්න හොදම ක්‍රම


අපි ටැංකියට අවශ්‍ය oxygen ලබා දෙන්නේ air pump එකක් දාලා වතුර ඇතුලේ air bubble කරලා. මේ air bubble වල මතු පිටින් ජලයට උරාගන්න oxygen ප්‍රමාණය ඉතා කුඩයි... වැඩිම ප්‍රමාණයක් oxygen ජලයට එක් වෙන්නේ මේ air bubble වලින් ජලයේ මතුපිටට කරන බාධාව නිසයි.... Air bubble යට සිට ජලයේ මතු පිටට ඇවිත් පුපුරලා වගේ යනවා... අන්න එවෙලේට තමා වැඩිම oxygen ප්‍රමණයක් ජලයෙ දියවෙන්නේ...
ඒ කියන්නේ අපිට ජලයේ oxygen දිය කරන්න පුලුවන් හොදම ක්‍රමය ජලයේ මතුපිට නිතර සෙලවීමට ලක් කිරීමයි... මේ post එක ලිවීමේ අරමුණ උනේ අපි සාමාන්‍යයෙන් කරන air bubbling system එක අවුල් කියන්න නෙමේ... ඒ ක්‍රමය ඇත්තටම ප්‍රමාණවත් සාමන්‍ය මාළු ටැංකියකට... නමුත් සමහර අය air bubbling ක්‍රමයට කැමති නැති වෙන්න පුලුවන්.. මොකද
1. ටැංකියේ natural look එක පොඩ්ඩක් අඩු වෙනවා.
2. air bubble කරන්න යොදා ගන්න air diffuser ගල සමහරවිට ටැංකියේ decoration එක්ක ගැලපෙන්නේ නෑ....
ඒ අයට මේක සුභ ආරංචියක්... wave maker එකක් හෝ filter එකේ water outlet එක යොදාගෙන ජලයේ මතුපිට හෙලවෙන ආකාරයෙන් සකස් කරගත්තොත් oxygen වඩාත් natural විදියට මාළුන්ට අවශ්‍ය ප්‍රමාණයට ලබා දෙන්න පුළුවන්...ඇල දොල ගංගා වලත් මේ ක්‍රමයට තමා oxygen දියවෙන්නේ... එමගින් තමා එවයේ මාළුන්ට ප්‍රමාණවත් oxygen ලැබෙන්නේ...


Related image

Comments

Popular posts from this blog

ඉබ්බෙක්ද? කැස්බෑවෙක්ද?

ටැංකියේ අලුත් ජලය අපැහැදිලි වෙන්නේ ඇයි?

මාළුන්ටත් පණු බෙහෙත් [UPDATED]