Tank light එක මාළුන්ට බලපාන ආකාරය

Image result for freshwater aquarium lighting



Tank Lighting එක මාළුන්ට විවිධ දේවල් වලට බලපානවා. උදාහරණ ලෙස ගත්තොත් breeding වලට, මාළුවන්ගේ වර්ණයට, growth rate එකට ආලෝකය බලපානවා. ටැංකියේ light දාන විදියට වඩා light එක මාළුන්ට බලපාන විදිය විස්තර කරන්න තමා මේ post එකේ බලාපොරොත්තුව. එතකොට ඔයාලට පුලුවන් මේ දේ තේරුම් අරගෙන ඒ විදියට ඔයාලගේ මාළු ටැංකි වල lighting එක සකසා ගන්න.

මුළින්ම අපි මාළුන්ගේ ඇස් ගැන හොයා බලමු. මිනිස්සුන්ගේ ඇස් වල ඇස්පිය (eye lids) සහ කළු ඉංගිරියාව (pupil) අපේ ඇසට එන ආලෝකය පාලනය කරනවා. එයින් අපට ඇති වාසිය තමා ඇස තුල ලොකු ආලොකයකින් සිදුවිය හැකි හානිය වැලැක්වීම. නමුත් හුගක් මාළුන්ට ඇස්පිය නෑ. එවගේම කළු ඉංගිරියාවට ආලෝකය පාලනය කිරීමේ හැකියාවක් නෑ. මාළුන්ගේ ඇස් වල වෙනම ක්‍රමයක් තමයි අලෝකය වැඩි සහ අඩු අවස්ථා වල ඇසට ආලෝකය ලබා ගන්න තියෙන්නේ. මෙම ක්‍රමයට අපේ වගේ ක්ෂනිකව ලැබෙන අලෝකය අනුව වෙනස් වෙන්න බෑ, යම් කිසි කාලයක ගත වෙනවා (සමහර මාළුන්ට පැය භාගයක් පමණ).

අපිට හුගක් වෙලාවට දකින්න ලැබෙන දෙයක් තමයි අපි එක පාරට ටැංකියේ light on/off කරද්දි මාළු කලබල වෙන එක. මේ වගේ කලබල වීම නිසා සමහර වෙලාවට ශරීරයට තුවාලයක් උනත් වෙන්න පුළුවන්. එසේ නොවුනත් මෙසේ light on/off කරන එක මාළුන්ට ලොකු පීඩනයක් (stress) ඇති කරනවා. මාළු stress වෙන එක මාළුන්ගේ හුගක් ලෙඩ සහා ප්‍රශ්න වලට හේතු වෙන්න පුළුවන්. මේකට හොද විසදුමක් තමයි light off කරද්දී ටැංකිය තිබෙන කාමරය හෝ වටපිටාව හොදින් ආලෝකමත් කර තිබීම. Off  කරයි පසු යම් කාලයකට පසු වටපිටාවේ light off කරන එක හා වටපිටාවේ light on කරලා විනාඩි කිහිපයකට පසු ටැංකියේ light දැමීම. හැබැයි ඉතින් auto dim වෙලා auto on/off වෙන lighting system එකක් තීනන් ඕක ප්‍රශ්නයක් නෙමෙයි.

තව සමහර අය කරන වරදක් තමයි දවස පුරාම (උදේ රෑ දෙකේම ) light දාලා තියන එක. සමහර අය දවල්ට නිකන්ම එළිය ලැබෙන නිසා රෑ පුරාවටම light දාලා තියනවා. සෑම ජීවියෙකුට වගේම මාළුන්ටත් දවල් හා රෑ කියන කාල දෙකම අවශ්‍යයයි. පෙර කිව්වා වගේ මාළු ඇස තුලට එන ආලෝකය පාලනය කරන system එක autoම අඩු ආලෝක අවසතාවට හැදෙනවා රාත්‍රී කාලයක් බලාපොරොත්තුවෙන්. ඒ වගේ අවස්තා වල light on කරලා තියෙන එක උන්ට ලොකු stress එකක්. එවැනි හේතු නිසා අනිවාර්යෙන් ඔබගේ මාළු ටැංකියත් සම්පූර්ණයෙන් අන්ධකාරයේ දවසකට පැය කිහිපයක් තබාගත යුතුයි.

තවත් කාරණයක් තමයි tank light එකෙන් ලැබෙන එළියේ ප්‍රමාණය. හුගාක් අය පුරුදු වෙලා ඉන්නවා ඉතා අධි බලැති light දාන්න. එයින් බලාපොරොත්තු වෙන්නේ මාළුන් හොදින් ලස්සනට පෙනෙයි කියලා. නමුත් ඇත්තටම වෙන්නේ එළිය අනවශ්‍ය ලෙස වැඩි වෙද්දී මාළුන්ගේ පාට අඩු වීම. විශාල එළියක් ටැංකියට ලැබෙද්දී උන් ගොඩාක් stress වෙනවා. සාමාන්‍යෙන් ඔවුන්ගේ ස්වාභාවික පරිසරයේදී ඔවුන්ට ලොකූ ආලෝකයක් කෙලින්ම ලැබෙන්නේ නෑ. එක එක මාළුන්ට විවිධ එළි ප්‍රමාණයන් තමා දරාගන්න පුළුවන්. හොදට plant කරලා තියෙන tank එකක මාළුන්ට තියෙන එක වාසියක් තමා හෙවනක් ලැබීම. ඒ වගේම අනෙකුත් විවිධ සැරසිලි භාණ්ඩ වලින් ඔවුන්ට අවශ්‍ය වන පරිදි හෙවනක් ලැබෙන්න පුළුවන්.

ඔයාලා තව lighting ගැන දන්න කරුණුත්, වැරදී කියලා හිතන කරුණුත් comment කරන්න. අදාල වෙනස්කම් අපි විසින් කරනු ලැබේ.

Comments


  1. ප්ලාන්ට් තියෙන ටැංකියක ලයිට් පැය කීයක් විතර දාලා තියන්න ඕනෙද?

    ReplyDelete
    Replies
    1. පැය 8-12 අතර කාලයක් ඕන සාමාන්‍යයෙන්. ඒක තියෙන පැල සහා එවාට අවශ්‍ය ආලෝකය අනුව වෙනස් වෙනවා. හරියටම හිතාගන්න බැරි නම් පැය 10ක් වගේ දෙන්න...

      Delete
  2. හවස හයට විතර ලයිට් එක දාලා රැ 10ට විතර ඔෆ්ෆ් කලොත් මොකද

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ඉබ්බෙක්ද? කැස්බෑවෙක්ද?

ටැංකියේ අලුත් ජලය අපැහැදිලි වෙන්නේ ඇයි?

මාළුන්ටත් පණු බෙහෙත් [UPDATED]