මගේ Bichir
ඔයාලා මම කලින් ඉදිරිපත් කරපු "Arowana සමග පළමු සතිය" කියෙව්වානන් දැනටම දන්නවා ඇති මගේ Bichir ගැන කරුණු කිහිපයක්. ඊට වඩා විස්තරාතමකව Bichir ගැන විස්තර ටිකක් කතා කරන්න තමයි මේ ලිපියේ අරමුණ.
මුළින්ම අපි මගේ Bichir ගේ වර්ගය ගැන කතා කරමු. විද්‍යාත්මක නමින් Polypterus endlicheri endlicheri ලෙස හදුන්වන මේ Bichirගේ සාමාන්‍යයෙන් හදුන්වන නම saddled bichir. මාංශභක්ෂක මාළුවෙක් වන මොවුන් තරමක් විශාල size එකකට වර්ධනය වෙනවා.
මම ඇත්තටම මේ වගේ මාළුවෙක් ඇති කරන්න බලාපොරොත්තු උනේ නෑ. මොකද මෙයාලා එච්චර active මාළුවෙක් නොවන නිසා. එවගේම නිකන් අස්සකට වෙලා ඉන්නකොට එච්චර බලන්න ලස්සනකුත් නෑ.
එහෙනනන් ඇයි මම ගත්තේ මෙයාව?
මගේ Arowana ටැංකියේ යටට වැටෙන කෑම කන්න මට මාළුවෙක් ඕන උනා මොකද Arowana පහළට ගිහින් අඩියේ තියෙන කෑම කන බවක් පෙන්න නැති නිසා. ඒ කියන්නේ මට bottom feeder කෙනෙක් තමයි ඕන.
මගේ හිතේ මුළින්ම මේකට ආපු අදහස තමයි red tail, Achara, shovel nose වගේ catfish වර්ග. මේ කිව්ව catfish ජාතිත් activeම මාළු නෙමෙයි. හැබැයි වර්ණ රටා වලින් Bichirට වඩා ලස්සනයි. ඉතින් catfish කෙනෙක් ගන්නවා කියලා හිතාගෙන මම ගියා monster fishලා විකුණන කඩයකට.
මම ඔය කිව්ව catfishලගෙන් කඩේ සමාන්‍යයෙන් අවම මිලකට අලෙවි වෙන්නේ red tail catfish. මම ගිය දවසේ red tail catfishලා ඔක්කෝම අලෙවි වෙලා. අනිත් catfishලට ඔක්කොම ටිකක් එක ළග මිලක් තමයි සදහන් කරලා තිබ්බේ. එවගේම endlicheriගේ මිලත් ඒ හා සමාන මිලකට තිබ්බේ. මිල ගනන් වල ලොකු වෙනසක් නොතිබුන නිසා මගේ ඇස endlicheriලා දෙසටත් යොමු උනා. මට නිකමට වගේ හිතුනේ catfishලා සාමාන්‍ය මාළුවෙක්ගේ හැඩයමයි. නමුත් Bichir වෙනස්ම හැඩයක්. හරියට නිකන් සර්ප ජාතියක් වගේ. මම අන්තර්ජාලයේ දැකලා තිබ්බ රූප සහ video වලත් ඇත්තටම Aligator gar කියන ජාතියටත් වඩා Bichirලා ලොකු උනාම කිඹුලෙක්ගේ හැඩය තියෙනවා උඩ තියෙන වරල් පේලියත් එක්ක (ඒකට කියන්නේ වරල් කියලද මන්දා). මේ කරුණු නිසා මට හිතුනා වෙනසකටත් එක්ක Bichir කෙනෙක් අරන් බලන්න ඕන කියලා.
මෙයාලා එච්චර කළබල කරන්නේ නැති මාළු ජාතියක් නිසා කෙනෙක් හිතන්න පුළුවන් මෙයාලට වතුරෙන් පිටට ගොඩාක් පනින්න එහෙම බෑ කියලා. මම Bichirව ගෙනල්ලා මුලින්ම දැම්මේ බේසමකට. ඊට පස්සේ එයාව දැලෙන් අල්ලලා ටැංකියට දාන්න හැදුවේ. මම අල්ලන්න දැල දාද්දී මෙයා ලස්සනට අර බේසම දිගේ උඩට බඩගාගෙන වගේ නගිනවා. ඒක හරිම ලස්සනයි බලන්නත්. ඒකෙන් එක දෙයක් පැහැදිලී. මෙයාට ලොකු උසකට ජලය මැදින් පනිනවට වඩා වෙන ක්‍රමයක් තියෙන්නේ. මෙයාට පුලුවන් ටැංකියේ හෝ සිටින භාජනයේ කෙලින් අතට උනත් බඩගාගෙන වගේ surface එක දිගේ නැගලා එළියට යන්න. නමුත් ඉතින් එහෙම කරන්නේ එහෙම කරන්න හේතුවක් තීනන් තමයි. නැත්තන් බොහොම සන්සුන් මාළුවෙක් ලෙසයි මම දකින්නේ. පස්සේ කොහොමහරි මෙයාව දැලෙන් අල්ලා ටැංකියට දැම්මා. මේ පනින්න පුළුවන් හැකියාව ගැන මම පොඩ්ඩක් හොයලා බැලුවම අන්තර්ජාලයේ මට දැනගන්න ලැබුනේ Bichirලා තමන්ගේ ටැංකිය නිසි ලෙස ආවරණය කරලා නැත්තන් පැනලා යන්න සූරයෝ බවයි.
මට තිබ්බා පොඩි ප්‍රශ්නයක්...
මේ Bichirගේ ඇස්වල ගෙනාපු දවසේ සුදක් වගේ බැදිලා තිබ්බා වගේ මට පෙනුනා. මට ඒක නිසා මෙයාට cloudy eye ද කියලා සැකයක් ආවා. මගේ පළවෙනි Bichir නිසා මට හරියට හිතාගන්න බැරි උනා. පස්සේ Bichirලා හදන අයගෙන් දැනගන්න ලැබුනේ ඒ cloudy eye තත්වයක් බවයි.
Cloudy eye කියන්නේ ජලයේ විෂබීජ නිසා හැදෙන්න පුළුවන් රෝගයක්. එවගේම අධික ආතතිය, මන්දපෝෂණය, වයස වැනි දේ ද cloudy eye වලට හේතු වෙන්න පුළුවන්. මගේ Bichir ඉතින් තාම අගල් 6ක කුඩා පැටවෙක් නිසා එක්කෝ ආතතිය වැඩි වෙලා, එක්කෝ මෙයා කලින් හිටපු ජලයේ upset එකක්. සාමාන්‍යයෙන් හොද වතුර quality එකක් පවත්වාගත්තම cloudy eye නිකන්ම නැතිවෙලා යනවා කියලා තමයි දැනගන්න ලැබුනේ. ඒක නිසා දවස් කිහිපයක් බලලා අඩු නැත්තම් බෙහෙතක් හොයනවා කියලා හිතාගත්තා. දින කිහිපයක් යනකොට cloudy eye ගතිය නිකන්ම අඩු වෙලා නැති වෙලාම ගියා. ඒක නිසා ඒ ප්‍රශ්නේනම් ඉවරයි.

වැඩේ හරි...
දැන් කොහොමහරි මෙයාව ගෙනාපු වැඩේනන් මෙයා කරනවා. ඒ තමයි Arowana නොකා පහළට ගිලෙන කෑම මෙයා කනවා. Bichirලා වෙන සාමාන්‍ය මාළු වගේ නෙමෙයි කන්නේ. හුගක් මාළු අපි දකිනවා කන එකයි, නොකන එකයි හැම එකම කටේ දාගන්න පුළුවන්නම් දාගෙන රස බලලා තමයි කන නොකන එක තීරණය කරන්නේ. නමුත් Bichirලා සුවදින් තමයි කෑම හොයාගන්නේ. ඉව අල්ල අල්ල ගිහින් කෑම එක හොදට ඉව කරලා බලලා තමයි එයාලා ඒක ගිලින්නේ. එයාලගේ ඇස් පෙනීමත් මදක් දුර්වලයි කියලා තමයි කියන්නේ. මටත් ඒක හොදට තේරුනා මොකද එයා සමහර වෙලාවට කෑම එක උඩිනුත් පීනනවා ඒක නොදැක. ඊට පස්සේ ආයේ හැරිලා එනවා ඒක කන්න.
මගේ ටැංකියේ අඩියට මම මුකුත් පස් ගල් දාලා නෑ පිරිසිදු කරන්න පහසුව සදහා. හැබැයි මාළු ජරා කරාම filter එකට අදින්න බර වැඩි ඒවා අඩියේ තැන්පත් වෙලා තියෙනවා පේන්න. Bichirගේ අනිත් ප්‍රයෝජනය මෙතනට තමයි වැදගත් වෙන්නේ. මෙයා අඩිය දිගේ බඩගාගෙන වගේ යන නිසා අර අඩියේ තැන්පත් වෙන ජරාව ටිකක් දිරාගෙන වගේ එද්දී මෙයාගේ වරලෙන් ඇති වෙන වතුර කැලතීමටයි, ඇගේ වැදිලයි වතුරේ පාවෙන්න ගන්නවා. එතකොට මේවා ලේසියෙන්ම filter එකට ඇදිලා යනවා. හුගක් පරණ ජරාව දැන් අඩියේ තැන්පත් වෙලාම තියෙන්නේ නැති නිසා දැන් තරමක් ටැංකියේ අඩිය පිරිසිදුයි වෙනදට වඩා.
Bichir ඇත්තටම පුදුමාකාර සතෙක්. ඔයාලට මම කිව්වානේ මෙයාව ගත්තෙත් මහ ලොකු කැමැත්තකට නෙමෙයි, මෙයාගෙන් වැඩැක් ගන්න තිබ්බ නිසා කියලා. නමුත් මෙයාගේ හැසිරීම් රටා දැකලානන් පුදුම ආසාවක්, ආදරයක් ඇති වෙලා තියෙන්නේ Bichirලට. මොකද මෙයා සාමාන්‍ය මාළුවෙක්ට වඩා වෙනස්ම අත්දැකීමක් ඇති කරන්නේ. මම කවදාවත් හිතුවේ නෑ Arowana කෙනෙක් ඉන්න ටැංකියක මේ Bichirට වැඩි අවධානයක් ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් දැන් ගෙදර හැමෝම වගේ බලන්නෙත් මෙයා මොකද කරන්නේ කියලා. පහළ තියෙනවා පොඩි video clip එකකුත් මෙයා කොටයක් අස්සේ හිරවුන කෑම ඇටයක් ගන්න උත්සහා කරන අවස්ථාවක. බලන්නකෝ මම කියන්නේ බොරුද කියලා. ඔයත් අර මම ඉස්සර හිතුව විදියට හිතාගෙන, මේ Bichirලට වැඩි කැමත්තක් නොදක්වන අයෙක්නම් මට හිතෙන්නේ ඔයාලත් Bichir කෙනෙක් හදන්න උත්සහයක් දරන්න. ඒක අමුතුම අත්දැකීමක්.

Comments
Post a Comment