ජලජ පැල සහ ආලෝකය

Tank එකේ plants තියෙන එක මාළුන්ට ගොඩාක් වාසිදායකයි. එවගේම tank එකට හොද natural look එකක් ගන්න පුළුවන් tank එකේ live plants සිටුවීමෙන්. මේ article එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අලෝකය ජලජ පැලවලට බලපාන හැටි. 

Photo Credits: Danushka Heenkenda

Tank එකට එළිය වැඩි උනොත් මොකද වෙන්නේ?
එළිය ගොඩාක් වැඩි උනොත් ඇති වෙන එක ප්‍රශ්නයක් තමයි ඇල්ගී වර්ධනය (Algae growth) වැඩි වෙනවා. ඔයාලා දැකලා ඇති හිරු එළිය තදින් වැටෙන pond/tank වල ජලය කොලපාට වෙලා තියෙනවා. අන්න ඒ දේම වෙන්න පුළුවන් ඔයාලගේ tank එකටත් එළිය වැඩි උනොත්. 

Tank එකට එළිය අඩු උනොත් මොකද වෙන්නේ?
එළිය මදි උනොත් පැලවලට ඉතින් සාර්ථකව වර්ධනය වෙන්න බෑ. නියම ආලෝකය ලැබුනොත් තමයි ප්රභාසංස්ලේෂණය (Photosynthesis) ක්‍රියාත්මක වෙලා ටැංකියේ ජලයේ ඇති කාර්බන් ඩයොක්සයිඩ් (carbon dioxide), nitrates උරාගෙන පැල සාර්ථකව වර්ධනය වෙන්නේ.

ඊළගට අපි කතාකරමු light වර්ග ගැන.
මුලින්ම අපි කතා කරමු අපේ පරණ filament එක තියෙන light ගැන (Incandescent light). හමෝම දන්න කාරණයක් නේ මේවා කුඩා එළියක් ලබා දෙන්න විශාල current එකක් ගන්නවා කියන එක. ඒක නිසා කොහොමත් මේ light සුදුසු නෑ භාවිතයට. ඊට අමතරව මේ light වර්ගෙන් ලැබෙන එළියට බෑ ටැංකියේ ජලය පුරාවට ඒකාකාරීව බෙදිලා යන්න. එතකොට අපිට හරියට අවශ්‍ය ආලෝකය පැල වලට ලබා දෙන්න බෑ. එවගේම ඔයාලට දැනිලා ඇති මේ light පත්තු වෙද්දී ලොකු රස්නයක් පිට වෙනවා. මේ රස්නේ නිසා ටැංකියේ ඉහළ කොටසේ ජලය, ටැංකියේ මුළු ජලයේ උෂ්නත්වයට සාපේක්ෂව ඉහළ මට්ටමක තියෙන අතර (ජලය හොදට cycle වෙන්නේ නැත්නම්) මුළු ටැංකියේම උෂ්නත්වය ඉහළ නංවනවා.

මට හිතුන දෙයක් තමයි මේ light එකක් සමහර විට සුදුසු වෙයි ටැංකියේ උෂ්නත්වය අපිට ඉහළ මට්ටමක පවත්වාගන්න. සමහර මාළුන්ගේ ඇතිවන ලෙඩ සදහා ප්‍රතිකර්මයක් ලෙස ජලයේ උෂ්නත්වය ඉහළ අගයක තියාගන්න වෙනවා, ඒවගේ වෙලාවකට ඉතින් heater එකක් හොයාගන්න බැරිනන්, මේ වගේ light එකකින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි. මමනන් කරලා නෑ, එවගේම සාර්ථක වැඩක්ද කියන්න දන්නේ නෑ. හැබැයි විකල්ප නැති කෙනෙක්ට උත්සහා කරලා බලන්න පුළුවන්.


දැන් බලමු tube light ගැන (Fluorescent light). මේවානන් තවමත් භාවිතා කරනවා tank lighting වලට. නමුත් ඕනෑම tube light එකක් හරි යන්නේ නෑ පැල වවන්න. මාළු විකුණන කඩවල් වල plant growing වලට විශේෂ වුණු tube light එකක් තියෙනවා. මේ light එක ටිකක් රතු/රෝස වගේ වර්ණයක්. Tube light වල තියෙන ගැටළු තමයි current බිලට ලොකු උදව්වක් කරන්නේ නෑ. එවගේම ඉතා කෙටි කාලයකදී මෙහි ආලෝකය අඩු වෙනවා. මේක දිනපතා බලන අපිට තේරෙන්නේ නෑ. හැබැයි මාස 6ක් විතර භාවිතා කරපු tube light එකක් එක්ක අලුත් tube light එකක් පත්තු කරලා බලන්න, වෙනස තේරේවි. අනිත් එක ආලෝකය අඩු උනා කියලා පිච්චෙන current එක අඩු වෙන්නේ නෑ.

ඔන්න හොදම එක අවසානයට. ඒ තමයි LED tank lights. මූලික දේ තමයි අඩු current එකකින් වැඩි එළියක් අපිට ගන්න පුළුවන්. LED light වල ආලෝක කිරිණවලට පුළුවන් ජලයේ ගැබුරට ඒකාකාරීව බෙදිලා යන්නත් (අනිත් light වලට සාපේක්ෂව වැඩි ගැබුරකට). එවගේම සාමාන්‍ය මිලකට වැඩි කලක් පවතින, වැඩි කලක් එක සේ ආලෝකය ලබා දෙන LED light එකක් අපිට ගන්න පුළුවන්. (ආලෝකය ඉක්මනින් අඩුවෙන බාල වර්ගත් තියෙනවා). අනෙක් light වර්ග වලට සාපේක්ෂව පිටකරන රස්නෙත් අඩුයි. එවගේම waterproof LED light ගන්න තියෙන නිසා ජලයේ යට හෝ ජලයෙන් නිතර තෙමෙන ස්ථානවල අපිට සියළු පැලවලට නිසි ආකාරව ආලෝකය එන විදියට light එක හයි කරන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි. LED Spotlight උත් තියෙනවා. මේවා එක තැනකට පමණක් අලෝකය වැඩියෙන් වැටෙන විදියට යොමු කරන්න පුළුවන්. ඒක නිසා ඔයලගේ අනිත් පැලවලට සාපේක්ෂව ආලෝකය වැඩියෙන් අවශ්‍ය පැලයක් තියෙනවානම් මේ වර්ගේ LED light එකක් භාවිතා කරන්න පුළුවන්. වැදගත්ම දේ තමයි LED වලින් පිටවෙන ආලෝක කිරණ පැල වල වර්ධනයට ගොඩාක් උදව් වෙනවා. ඒ නිසා දැනට හුගක් අය මේ LED light භාවිතයට හුරු වෙලා ඉන්නවා.

මේ එක එක පාටවල් වල light මොනාද?
වැඩියෙන්ම තියෙන්නේ සුදු පාට light නේ. ඒක ගැන මුළින් කතා කරමු. සුදු light වල ප්‍රධාන අරමුණ ටැංකියේ තියෙන පැල, මාළු, decoration හොදින් නියම වර්ණ සමග පෙනීම. පැලවල වර්ධනයට විශාල වෂයෙන් සුදු ආලෝකයෙන් උදව්වක් ලැබෙන්නේ නෑ. නමුත් කුඩා වර්ධනයක් තියෙනවා.

තව තියෙනවා රතුවලට හුරු light එකක්. පැලවලට දාන tube light කඩෙන් ඉල්ලුවොත් මේ වර්ණයේ light එකක් තමයි හම්බවෙන්නේ. මේ වර්ණයේ කිරණ, පැල උසට හැදෙන්න උපකාරී වෙනවා. එවගේම සමහර පැලවල ඔයාලා දැකලා ඇති කෙදි වගේ වැවෙනවා කොල අතු වල. මේකත් වැඩි කරන්නේ මේ වර්ණයේ කිරණ වලින්. වැඩියෙන් රතු වර්ණය සහිත light යොදාගත්තොත් algae growth එක වැඩිවෙනවා. ඒ නිසා නියම ආකාරයට මේ light එකේ අලෝකය පාලනය කරගන්න ඕනේ.

තව දකින්න තියෙන වර්ගයක් තමයි නිල් පාටට හුරු light. පැලවල ඵල දරන්න, කොල ලස්සනට ලොකුවට හැදෙන්න මේ කිරිණ ඉතා වැදගත්. මේ light හුගක් දකින්න තියෙනවා Salt water tankවල. මොකද කොරල්පර උස යවනවට වඩා ලස්සනට ලොකුවට හැදෙන එක වැදගත් නිසා.


මේ කිව්ව light පාට වර්ග සාමාන්‍යයෙන් එක එක අනුපාත වලට mix කරලා තමයි වෙලදපොලේ විකුණන්න තියෙන්නේ. මේකට හේතුව තමයි එක එක වර්ණ වලින් එක එක විදියට පැලවලට බලපාන්නේ. උදාහරණයක් වශයෙන් ඔය නිල් වර්ණයේ light එක්ක සුදු light මිශ්‍ර කරලා තියෙන්නේ. මොකද තනි නිල් light එකට ටැංකියේ ඇතුල අපිට හරියට පෙන්නේ නැති නිසා. එවගේම පැල වගාව business එකකට වගේ කරනවානන් රතු සහ නිල් පමණක් මිශ්‍ර light දැකගන්න පුළුවන්. මොකද ඒ අය බලාපොරොත්තු වෙන්නේ පැල හොදට වැවීම මිසක් ලස්සනට නිතර පේන එක නෙමෙයි.

Light කොච්චර වෙලා දාලා තියන්න ඕනද?
සාමාන්‍යයෙන් පැලවලට පැය 8ත් - 14ත් අතර කාලයක් ආලෝකය දුන්නම ප්‍රමාණවත්. පැය 24 පුරාවටම light දාලා තිබ්බා කියලා පැලවල වර්ධනය වැඩි වෙන්නේ නෑ බාල වෙනවා ඇරෙන්න. මොකද හැම අනෙක් ජීවියෙකුටම වගේ පැල වලටත් විවේකයක් අවශ්‍යයි. ඒක නිසා ස්වාභාවික විදියට උදේ රෑ කියන අවස්ථාවන් පැලයට දීම අත්‍යාවශ්‍යයයි.

දැන් ඔයාලට යම් දැනුමක් තියෙනවා light වර්ග ගැන. මම හිතනවා ඒක ඔයාලට වැදගත් වෙයි කියලා ඔයාලගේ ටැංකියට light එකක් තෝරාගන්න. අපේ සුභ පැතුම්!

Comments

Post a Comment

Popular posts from this blog

ඉබ්බෙක්ද? කැස්බෑවෙක්ද?

ටැංකියේ අලුත් ජලය අපැහැදිලි වෙන්නේ ඇයි?

මාළුන්ටත් පණු බෙහෙත් [UPDATED]