Filterවලට මොනාද හොද?

අපි මේ ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මාළු ටැංකියක filter එකට දාන ද්‍රව්‍ය වර්ග ගැන (filter media). සාමාන්‍යයෙන් filter media ගැන කතා කරද්දී ඒවා වර්ග 3කට බෙදෙනවා. මේ වර්ග 3න් ටැංකියේ ජලයේ විවිධ අපද්‍රව්‍ය තමයි ඉවත් කෙරෙන්නේ. මේ වර්ග 3 නම්,
  1. Mechanical
  2. Biological
  3. Chemical
Mechanical Media
ඔයාලා හැමෝම වගේ දැකලා ඇති පහළ රූපයේ තියෙනවා වගේ කළු පාට ස්පොන්ජ් (sponge) වගේ ඒවා. මේවා තමයි mechanical filtration වලට වැඩි පුරම යොදාගන්නේ. මේවයින් කෙරෙන්නේ ජලයේ තියෙන කුඩා ජරාව කැබලි ඉවත් කරන එක. උදාහරණ ලෙස මාළු අශූචී වල කොටස්, මාළු නොකන ලද මාළු කෑම කොටස් ආදිය. ඒ කියන්නේ ජලයේ දිය නොවන වර්ගයේ ද්‍රව්‍ය තමයි ඉවත් කෙරෙන්නේ. ජලය මේ media හරහා යද්දී අර කුණු මේ media එකෙන් රදවගන්නවා.

මේවා නිතරම වගේ කුණු පිරුණම පිරිසිදු කරන්න ඕන. මේ media වල තියෙන කුඩා සිදුරු එක එක විශාලත්ව වලින් ගන්න පුළුවන්. සිදුරු කුඩා වෙන්න වෙන්න ජලයේ පාවෙමින් තිබෙන කුඩාම අපද්‍රව්‍ය දක්වා ඉවත් කරන්න පුළුවන්. හැබැයි සිදුරු කුඩාවන තරමට ඒවායේ කුණු පිරුණම අපට පිරිසිදු කරන්න අමාරුයි. 

හොද mechanical filtration එකක් තීනම් ටැංකියේ වතුරේ තියෙන රොඩු ගතිය සම්පූර්ණයෙන්ම නැති කරගන්න පුළුවන්. නමුත් ටැංකියේ ජලය පිරිසිදුව තබාගන්න මේ වර්ගයේ filter media පමණක් තිබීම ප්‍රමාණවත් නෑ. අපි ඒ නිසා අනික් වර්ගයේ filter media වලටත් අවධානය යොමු කරමු.

Biological Media
මගේ අදහසට අනුව මේක තමයි filtration වලදී වඩාත් වැදගත්ම. ඒවුනාට හුගක් අය අඩුවෙන්ම දැනුවත් වෙලා තියෙන්නෙත් මේක ගැන. Biological media වලින් කෙරෙන දේ තමයි නයිටී‍්‍රකාරී bacteria වලට ජීවත් වෙන්න තැනැක් සැකසීම. හුගක් අය මේ bacteria ගැන දන්නේ නෑ. තවත් දවසක ඒ ගැනැත් තව ලිපියක් මම ඉදිරිපත් කරන්නන්. දැනට දැනගත යුතු දේ තමයි මේ bacteria එක හුගක් වැදගත් ටැංකියේ ජලය මාළුන්ට විස වීම වළක්වාගන්න.

ඉතා කුඩා සිදුරු සහිත ceramic ring, bio balls, biological filter wool  වගේ ඒවා biological media ලෙස යොදාගන්නේ, ඒවා මගින් මේ bacteria වලට ජීවත් වෙන්න ලොකු භූමි ප්‍රමණයක් සකසා දෙනවා. හොද biological filtration එකක් තීනම් ජලය මාළුන්ට විසවෙන එක අඩුවෙන අතර, ජලය අපැහැදිලි කරන algae වර්ධනයත් අඩාල වෙනවා.

Chemical Media
කලින් කිව්ව filter media වලින් මේ chemical media එක වෙනස් වෙන්නේ, කලින් කිව්ව filter media වතුරේ මිශ්‍ර ද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියා කරන්නේ නෑ. ඒ කියන්නේ මේ filter media වර්ගය ජලයේ දියවෙලා තියෙන ජලයේ තත්වයට අහිත කරන එක එක සංයෝග සමග ප්‍රතික්‍රියා කරලා තමයි ඒවා ඉවත් කරන්නේ. මේ chemical mediaවල තියෙන ලොකුම අවාසිය තමයි මේවා සුළු කාලයක් භාවිතයෙන් පසු අලුතින්ම නැවත දාන්න වෙනවා, හෝදලා, සුද්ද කරලා ගන්න බෑ.

Active Carbon
ඔයාලා දැනටමත් අහලා ඇති active carbon ගැන. active carbon වලින් ජලයේ දියවෙලා තියෙන ප්‍රෝටීන් වර්ග, ක්ලෝරීන් වගේ මාළුන්ට හානි දායක සහ ජලය අවපැහැවන, ගදවල් නිකුත් කරන දියවෙලා තියෙන ඒවා ඉවත් කරනවා. කොච්චර දුරට වතුර පිරිසිදු වෙනවද කියනවනන් ටැංකියේ අතුළත ජලය තියෙනවද කියලා නොපෙනෙන ගානට ටැංකිය පිරිසිදු වෙනවා. Active carbonවල මේ උරාගැනීමේ හැකියාව නිසා මාළුන්ට බෙහෙත් කරන අවස්ථාවලදී active carbon filter එකෙන් ඉවත් කරන්න වගබලා ගත යුතුයි. මොකද බෙහෙත් වල අඩංගු දේවල් උරාගන්න අතර, විස දෙයක් හැදෙන්න බැරිත් නෑ.
කොහොම නමුත් අර කලින් කිව්වා වගේ මේවා ටැංකියේ ජලයේ තත්වය අනුව උරාගැනීමේ හැකියාව නැතිවෙලා යනවා කාලයත් සමග. ඒ නිසා සමහර විට මාසෙකට සැරයක් වගේ අලුතින් active carbon filter එකට දාන්න වෙනවා.

Resins වර්ග
එක එක resins වර්ග දකින්න තියෙනවා වෙළදපොළේ. මේවා ජලයේ දියවෙලා තියෙන එක එක අයන ජාති ඉවත් කරන්න භාවිතා කරන්න පුළුවන්. කලින් කිව්ව active carbon වගේ මේවා යොදාගෙනත් ටැංකියේ ජලය ඉතා පැහැදිලිව වගේම පිරිසිදුව තියාගන්න පුළුවන්. කොටින්ම කියනවනන් ටැංකියෙන් වතුර අරන් අපිට බොන්න උනත් පුළුවන් ගානට පිරිසිදු වෙනවා.😁

දැන් කියවන ඔයාලටම තේරෙනවා ඇති මේ chemical mediaවලට කොච්චර දෙයක් කරන්න පුළුවන්ද කියලා. නමුත් ඉතින් අර අලුතින් නිතර නිතර දාන්න වෙන එක තමයි පසුබැස්මකට තියෙන්නේ. නමුත් මම පෞද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි ස්වාභාවිකව අපිට 100% පිරිසිදු ජලය කොහෙවත් දකින්න ලැබෙන්නේ නැති නිසා, ජලය මේ තරම් තත්වයකට පිරිසිදු කරන්න අවශ්‍ය නෑ. නමුත් ඉතින් ඒක එකිනෙකාගේ කැමැත්ත.

දැන් මේ media කොහොමද filter එකට දාන්නේ?
සමාන්‍යයෙන් filter media තබන පිළිවෙල තමයි මුලින්ම ජලය mechanical media හරහා ගමන් කරන ලෙසත්, දෙවනුව හා තෙවනුව biological media හා chemical media හරහා පිළිවලින් ගමන් කරන ලෙස තැබීම. මේකට හේතුව තමයි biological mediaවල ඉතා කුඩා සිදුරු තියෙන නිසා, ඒ සිදූරු වල bacteria වලට ඉඩ අවශ්‍ය නිසා කුණු රොඩු ටික කලින්ම mechanical media වලින් පෙරාගන්න එක. ඊට පස්සේ තමයි ජලයේ දියවෙලා තියෙන ඒවා ගැන බලන්න ඕන.

කෙනෙක් හිතන්න පුළුවන් mechanical media වලත් කුඩා සිදුරු තියෙන නිසා mechanical media හා biological media දෙකක් මොකටද කියලා. ඇත්තටම කියනවනම් mechanical media වලත් biological media වල හැදෙන bacteria හැදෙනවා. නමුත් ප්‍රශ්නය ඇති වෙන්නේ filter media සුද්ද කරද්දී. Filter media වල කුණු බැදුනම අපිට ඒවා සුද්ද කරන්න වෙනවා. මේවා සුද්ද කරද්දී අර bacteria ටිකත් ඉවත් වෙලා යනවා. දැන් එතකොට නැවත මේ bacteria එක මුල ඉදන්ම හැදෙන්න ඕන. මේ හැදෙන්න යන කාලය තුළ ජලය විස වීම්, ජලය අපැහැදිලි වීම වගේ ප්‍රශ්න කිහිපයකට මුහුණපාන්න ඉඩ තියෙනවා. Biological media අපි නිතරම හෝදන්නේ කරන්නේ නෑ. ඒ හේතුවම තමයි ඉතින් biological media විතරක් භාවිතා නොකරන්නත් හේතුව. එවගේම biological media වල කුණු පිරුණම පිරිසිදු කරන්නත් ආමාරුයි.

Mechanical media එකට පස්සේ biological media දැම්මත් කාලෙකට පස්සේ කුණු පොඩ්ඩක් biological media එකේ බැදෙන්න ඉඩ තියෙනවා. එහෙම උනාම හොදම වැඩේ තමයි tap වතුරෙන් biological media එක හෝදන්නේ නැතුව අර කුණු යන ගානට විතරක් ටැංකියේම ජලය අරන් හෝදන එක. නැත්තන් tap වතුර පිරිසිදු වෙන්න දාන chlorine වගේ ඒවයින් bacteria එක විනාශ වෙන්න පුළුවන්.

මම හිතනවා ඔයාලට filter media ගැන තිබ්බ ප්‍රශ්න කිහිපයකට හරි පිළිතුරු ලැබෙන්න ඇති කියලා. සුපුරුදු පරිදි තවත් ප්‍රශ්න වලට comment bar එක විවෘතයි.

අවසාන වශයෙන් විශේෂ ස්තූතිය පුද කරන්න ඕන මිලාන් කුමාර සහෝදරයට මේ ඡායාරූප ලබා දීම වෙනුවෙන්. 

Comments

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මට මේක හදාගන්න ඕන, වතුර 1500 l විතර සිමෙන්ති වලින් හදපු එක පැත්තකට විතරක් glass තියන tank එකකට ...මේ filter එක හදාගන්න විදිය picture සමග විස්තර කරන්න පුලුවන්නම් නියමයි .....අනිත් එක මේ සදහා media මිලදී ගන්න තියන තැන් ටිකක් කියන්න ...

    ReplyDelete
    Replies
    1. Filter media නම් සාමාන්‍යයෙන් මාළු විකුණන කඩවල් වල තියෙනවා. Northwest Aquarium - Thibirigasyaya එකේ එහෙම ඇති.

      හදන filter එක ගැන ඔයාගේ ටැංකිය තියෙන විදිය අනුව තමයි..
      ඔයාගේ ටැංකිය බිම තියෙන ටැංකියක් නම් පහළ link එකේ video එකක බලලා එකක් හදාගන්න පුළුවන්.
      https://youtu.be/tt6eMowvuD8

      තව sump filter හදන හැට් එහෙම youtube එක බලන්න.

      Delete
  3. MuliNma kiyannone supiriyatama karunu pahadili. Nodanna ayata loku udawwak. Puluwannm machan. e e media walata yana ganan (price) danna

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ඉබ්බෙක්ද? කැස්බෑවෙක්ද?

ටැංකියේ අලුත් ජලය අපැහැදිලි වෙන්නේ ඇයි?

මාළුන්ටත් පණු බෙහෙත් [UPDATED]