විදුලි බිලට ටැංකියේ light, motor වල බලපෑම

මේ කියන්න යන්නේ ඔයාලගේ ටැංකියට ඔයගොල්ලෝ දාන light, motor, heater වගේ ඒවැයින් විදුලි බිලට unit කීයක් එකතු වෙනවද කියලා. මේ ක්‍රමය ඉතින් ඔයාලගේ ඕනෑම විදුලි උපකරණයකින් ගෙදර මාසේ බිලට unit කීයක් එකතු වෙනවද කියලා හොයාගන්න යොදාගන්න පුළුවන්.

මුලින්ම අපි හොයාගන්න ඕන උපකරණයේ වොට් (Watt) ගණන. 
පහළ තියෙන්නේ Air pump එකක ගසා ඇති එහි specifications. අපි මේ ගණනයට උදාහරණයක් ලෙස මේ උපකරණය සළකමු. "W" අකුරක් සමග සදහන් කරලා තියෙන්නේ එහි වොට් අගයයි.
මෙම air pump එකේ specification වලට අනුව මෙය වොට් 10ක (10W) බලයකින් ක්‍රියාකරනවා.

මේ වොට් ගණන අපි දිනකට මේ උපකරණය on කරලා තියෙන වෙලාවෙන් වැඩි කරන්න.
අපි උදාහරණයට ගත්තේ air pump එකක් නිසා ඒක පැය 24 පුරාම දුවන නිසා අපි 24න් වැඩි කරමු.
10W x 24h = 240Wh

ඉහත දිනකට ආපු අගය 30න් වැඩි කරන්න. 
අපි සාමාන්‍යයෙන් මාසෙකට දින 30ක් කියලා තමයි ගණනය කරන්නේ. (අවශ්‍යනම් 31න් වැඩිකර 31 දින තියෙන මාසෙකට ගණන සාදාගන්න).
240Wh x 30 = 7200Wh

දැන් 1000න් බෙදන්න.
1000න් බෙදුවම අපිට එනවා මාසෙකට එම උපකරණය නිසා වැය වන unit ගණන. මෙහි ඒකකය වන්නේ "කිලෝ වොට් පැය" (Kilo Watt Hours).
7200Wh / 1000 = 7.2KWh

මෙයින් පැහැදිලි වන්නේ මේ air pump එක නිසා මසකට unit 7.2ක් වැය වන බවයි.

ඉතින් ඔය විදිහට තමයි ඔයාලගේ නිවසේ ඕනෑම උපකරණයක භාවිතේට කොච්චර unit ගානක් යනවද කියලා හොයාගන්නේ. ඔයාලගේ නිවසේ මුලු විදුලි භාවිතය අනුව තමයි බිල සැකසෙන්නේ. මොකද වැඩියෙන් භාවිතා කරන්න කරන්න, එක unit එකකට අය කරන ගාස්තුව වැඩි වෙනවා. පහළ තියෙන link එකෙන් ඒ පිළිබදව විස්තර බලාගත හැක.

ඔයාලට මේ unit ගාන දැනගැනීමේ වාසිය තමයි අර එක unit එකක මිල වැඩි වෙන unit සීමාවක් ඔයාලගේ පොඩ්ඩෙන් පනිනවනම් මාළු ටැංකියේ උපකරණය අරපිරිමැස්මෙන් යුතුව භාවිතා කරලා ලොකු ඉතිරියක් ලබන්න පුලුවන්.

ගෙදර බිල කීයක් වෙයිද?
දැන් මේ කියන්න යන්නේ ගෙදර විදුලි බිල කීයක් වෙයිද කියලා බලාගන්න විදිය. මේක කරන්නේ මෙහෙමයි.

  1. මුලින්ම ඔයලගේ නිවසේ විදුලි බිලක් අරන් මාසෙකට භාවිතාවන unit ගාන හොයාගන්න.
  2. ඊට පස්සේ අපි අලුතින් එකතු කරන්න යන විදුලි උපකරණයට වැයවන unit ගණන ඉහත කිව්ව ආකාරයට ගණනය කරගන්න.
  3. දැන් නිවසේ පවතින unit ගණනයි, අපි ගණනය කරගත්ත unit ගානයි එකතු කරන්න.
  4. පහළ link එකට යන්න.
    http://leco.lk/wp-content/uploads/downloard/html_pages/Bill%20Calculatort/bill_calculator.html
  5. පහළ රූපයේ "1" ලෙස සදහන් කරලා තියෙන තැනට unit එකතුව දාන්න.
  6. පහළ රූපයේ "2" ලෙස සදහන් කරලා තියෙන තැනට 30 හෝ 31 ලෙස දාන්න (තමන් ගණනය කල මාසයේ දින ගණන අනුව )
  7. "Calculate" ඔබන්න.
පහළම Total කියන තැනින් වැයවන මුදල බලාගන්න පුළුවන්.

සැලකිය යුතුයි: අපි හොයන unit ගානට වැයවන මුදල මුලින් හොයලා පසුව ගෙදර බිලෙහි අගයට එකතු කරමින් වැයවන මුලු මුදල සෙවිය නොහැක. මුළු unit ගනනට වැයවන මුදල එකවර සෙවිය යුතුය.

Comments

  1. බොහොම වැදගත් තොරතුරු ටිකක්.. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. එවගේම ඔබගේ ප්‍රතිචාර දැක්වීමට ඉතාමත් ස්තූතී.

      Delete

Post a Comment

Popular posts from this blog

ඉබ්බෙක්ද? කැස්බෑවෙක්ද?

ටැංකියේ අලුත් ජලය අපැහැදිලි වෙන්නේ ඇයි?

මාළුන්ටත් පණු බෙහෙත් [UPDATED]