අවුල් filter එකකින් හොද filter එකක්

සමහර කට්ටිය අරන් ඇතිනේ පහළ රූපයේ වගේ පොඩි power filter, nano tanks වලට භාවිතා කරන. එහෙම අරගෙන පාවිච්චී කරද්දි තේරෙන්න ඇති ඇත්තටම ඕකෙන් ලොකුවට වෙන දෙයක් නෑ. තියෙන්නෙත් පොඩි sponge කෑල්ලක්, ඒකට අහුවෙන්නෙත් පොඩි කුණු ප්‍රමාණයයි, කුණු පිරෙද්දී දවසින් දෙකෙන් power head එක මන්දගාමී වෙනවා. මේ post එකෙන් කියන්න බලාපොරොත්තූ වෙන්නේ ඒකෙන් වැඩක් ගන්න පුළුවන් විදිහක්. ඔන්න පැත්තකට ඒවා අයින් කරලා දාලා තීනන් ඒවා හොයලා අරන් ලෑස්ති වෙන්න හොද filter එකක් හදාගන්න.

  1. මම මේකට භාවිතා කරපු ඒවා ඔන්න පහළ ලයිස්තුවකට දැම්මා. නමුත් වැඩේ හරියට තේරුම්ගත්තොත් ඔයාලට සමහර විට නිවසේ තියෙන ඒවා වලින්ම මට වඩා සාර්ථක filter එකක් හදාගන්න පුළුවන්.
  2. ප්ලාස්ටික් බෝතලයක්
  3. filter වලට යොදාගන්න sponge එකක්
  4. Gas බටයක් (power head එකේ outlet එකට සවි කළ හැකි size එකක)
  5. ඇදුම් එල්ලන clip දෙකක්
  6. කතුරක් සහ බෝතලය හිල් කරන්න භාවිතා කර හැකි ඕනම උපකරණයක්.
වැඩි විස්තර ඕන නෑ. පහළ රූපයේ තියෙනවා බෝතලේට කරපු දේ. මම කළේ අඩිය කපලා ඉවත් කරගත්තා. ටැංකියට ගැලපෙන දිගට බෝතලය කපාගෙන, බෝතලය ටැංකියේ රදවන්න පුළුවන් වෙන විදියට බෝතලේ වටේ කොටසක් කපලා නවාගත්තා.
බටේ එක කොනක් මේ බෝතලයට තදට හිටින විදියට සවි කරගත්තා. මම සිදුර විදින්න භාවිතා කරේ soldering iron එකක්. ඔයාලට ඉතින් drill එකක්, රත් කරපු යකඩ කූරක් වගේ උනත් භාවිතා කරන්න පුළුවන්.

දැන් ඉතින් ඇත්තටම වැඩේ ඉවරයි වගේ තමයි. බටේ අවශ්‍ය දිගට කපාගෙන අනිත් කොන සවි කරන්න power head එකේ outlet එකට. පහළ රූපයේ තියෙනව ටැංකියට filter එක set කරලා. ඔයාලට බලගන්න පුළුවන් මම රෙදි එල්ලන clip දෙක භාවිතා කරේ මොකටද කියලා.
ඔයාළට රූපයේ පෙනෙනවා ඇති power head එකට අර ඒකට එන filter කෑල්ලත් හයි කරලා තියෙනවා වගේ. හැබැයි ඒක ඇතුලේ තියෙන sponge එක ඉවත් කරලා තියෙන්නේ. කවරේ විතරක් සවි කරලා තියෙන්නේ ලොකු රොඩු වගේ ඒවා අතුලට එක පාරට ඇදිලේ ගිහින් damage එකක් වෙන එක නවත්තන්න. ටැංකියේ මාළුවෙක්ට උනත් හානියක් වෙන්න පුළුවන් ඒක අයින් කරොත්.

දැන් පහදලා දෙන්නන් නිකන්ම filter එක හයි කරනවට වඩා මෙහෙම එකක් හදාගත්ත එකේ වාසිය. සාමන්‍යයෙන් මේ වගේ internal filter එකක power head එකේ බලයෙන් තමයි කුණු ඇදලා අරන් filter spongeවල හිරකරගන්නේ....  කුණු එකතු වෙන්න වෙන්න flow rate එක තරමක් අඩු වෙනවා. නමුත් මේ අපි හදාගත්ත filter එකේ අපිරිසිදු ජලය එකම flow rate එකකින් filter media වෙත ජලය සපයනවා. ගුරුත්වාකර්ශන බලයට තමයි ජලය filter media හරහා ගමන් ගන්නේ. ඒක නිසා filter media නිතර පිරිසිදු නොකර, වඩාත් පිරිසිදුව ටැංකියේ ජලය අපට තියාගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, අපි මේ සකස් කරගත්ත filter එකට bio filter mediaද යොදාගන්න පුළුවන් mechanical filter media එක යටින්. මේකත් ලොකු වාසියක් මේ විදියට filter එක හදාගන්න එකේ. මම හිතනවා ඔයාලට කරුණු දැන් පැහැදිලි ඇති කියලා. එහෙනන් ඔන්න අපේ සුභ පැතුම් වැඩේ උත්සහා කරන අයට.

Comments

Post a Comment

Popular posts from this blog

ඉබ්බෙක්ද? කැස්බෑවෙක්ද?

ටැංකියේ අලුත් ජලය අපැහැදිලි වෙන්නේ ඇයි?

මාළුන්ටත් පණු බෙහෙත් [UPDATED]