වැහි වතුරට මාළු මැරෙන්නේ ඇයි?


 

වැස්සකින් මාළු මැරෙන්න ලොකුම හේතුව ජලයේ pH එක වෙනස් වෙන එක. කොච්චර pH එකක් වෙනස් වෙනවද කියලනන් කියන්න අමාරුයි (අගයන් වෙනස් වෙන නිසා) නමුත් මේ එක පාර pH එක වෙනස් වෙන එක හුගක් මාළුන්ට දරාගන්න බෑ.මාළු මැරෙන එක, එක එක අයට බලපාන විදිය වෙනස් වෙන්න හේතු කිහිපයක් තියෙනවා. මම දන්න විදියට, දන්න කරුණු පැහැදිලි කරන්නන්.

1. pond එකට කොච්චර වැහි වතුර ප්‍රමාණයක් එකතු උනාද කියන එක
2. pond එකේ ජල ප්‍රමාණය

කරුණු දෙකක් හැටියට මේක ඉදිරිපත් කරාට මේ කරුණු දෙක එකිනෙකට සම්බන්ධයි. මොකද pond එකේ ජල ප්‍රමාණයට සාපේක්ෂව තමයි වැහි වතුර එකතු වූ ප්‍රමාණයේ අඩු වැඩි කියන එක තීරණය වෙන්නේ.ගැඹුරින් අඩු, ලොකු වර්ගඵලයක් තියෙන pond තියෙනවා සමහර අයට, මේක තරමක් අවාසිදායක දෙයක් ලෙස මම දකින්නේ වැස්ස වෙලාවට, මොකද වැඩි වර්ගඵලයකින් වැඩි වැහි වතුර ප්‍රමාණයක් එකතු වෙනවා.එවගේම පොළොවේ පහල මට්ටමක පිහිටලා තියෙනවානම් වැහි වතුර ගලාගෙන ඇවිත් pond එකට එකතු වෙනවානම් තත්වය හුගක් දරුණු වෙන්න පුළුවන්.

මේ තත්වෙට හොදම පිළියම තමයි ඉතින් වැහි වතුර නොවැටෙන විදියට pond ආවරණය කිරීම. හදිසි අවස්ථාවක එම ආවරණය 100%ක් අවරණය කළ යුතුම නෑ, පුළුවන් තරම් ආවරණය කරගන්න.

තව කරන්න පුළුවන් දෙයක් තමයි pond එකේ ජලයට ලුණු එකතු කිරීම. ලුණු වලටත් පුළුවන් pH එක balance කරන්න. (ලුණු එකතු කිරීමේදී විවිද මාළු ලුණු විවිද ප්‍රමාණවලට සංවේදී බැවින් ප්‍රවේශම් වෙන්න). හොයාගන්න පුළුවන්නම් water conditioner තියෙනවා aquariumවල ගන්න, එවගේ එකකුත් භාවිතා කරන්න පුළුවන් හැබයි ලොකු ජල ප්‍රමාණයකට ප්‍රායෝගිකව අමාරුයි එවැනි දේ මිශ්‍ර කරන්න. එවගේම පුළුවන්නම් air supply එකකුත් දෙන්න pond එකට මේ වහින දවස් වලට විතරක් හරි.

ඔයාලා දන්න කරුණුත් comment කරන් යන්න පහළින්, අනිත් අයට වැදගත් වෙයි.


Comments

Popular posts from this blog

ඉබ්බෙක්ද? කැස්බෑවෙක්ද?

ටැංකියේ අලුත් ජලය අපැහැදිලි වෙන්නේ ඇයි?

මාළුන්ටත් පණු බෙහෙත් [UPDATED]