Arowana සමග පළමු සතිය (Part I)


Arowana කියන්නේ විශේෂ මාළුවෙක්. Arowanaගේ වටිනාකමේ, විවිධ විශ්වාස වල විශේෂත්වයන් වගේම ඇති කරද්දිත් විශේෂ ක්‍රම පිලිවෙත් අනුගමනය කරන්න ඕන. පළමුව කියන්න ඕන මෙහෙම post එකක් ලිවීමට අරමුණු වූ හේතුව. විවිධ අය විවිධ අදහස් එක් කරනවා Arowana නිරෝගිකව සහ ලස්සනව ඇති කරන ආකාරය ගැන. නමුත් මට සමහර කරුණු ගැන පැහැදිලි බවක් නෑ. ප්‍රායෝගික බවක් දැනෙන්නෙත් නෑ. මම කිසිදු Arowanaක් ඇති කිරීමේ පෙර පුහුණුවක් නැතුව තමයි වැඩේට බැස්සේ. ඒ නිසා මමත් හිතුවා මගේ Arowana ගැන විස්තර ඉදිරිපත් කරන්න. හුගක් අය පෙර පුහුණුවක් ගැනීමේ අදහසින් Silver Arowana ලා තමයි මුලින් ඇති කරන්නේ. නමුත් මම Red Tail Golden Arowana (විද්‍යාත්මක නාමය: Scleropages Formosus) කෙනෙක්ගෙන් තමයි කෙලින්ම වැඩේ පටන් ගන්නේ.  මේ post එකෙන් මගේ Arowanaගේ පළමු සතිය වගේම දිගින් දිගට post updates කරන්න මම හිතන් ඉන්නව ගත වන කාලය සමග. කියවන ඔබගෙන් මම කරන වැරදි හෝ අනෙක් ඕනෑම අදහසක් මම සතුටින් බාරගනු ලැබේ.

Tank Setup:
මම Arowana දැමීමට යොදා ගත්තේ අඩි 5ක් දිග, අඩි 2ක් උස, අඩි 1.5 පමණ පළල imported tank එකක් (පහත චායාරූප වලින් දැක ගත හැක). ටැංකිය දවසක් පමණ වතුර පුරවලා හොදට filter කරලා ඒ වතුර එක එහෙන් පිටින් ඉවත් කරලා අලුත් වතුර එකක් පිරෙව්වා. Driftwood ලෙස තරමක් සුමුදු මාළුවාට හානි විය නොහැකි ආකාරයේ උල් කොටස් නැති, උසින් තරමක් අඩු ඒවා තමයි යොදාගත්තේ. එවගේම ටැංකියේ පතුලට කිසිදු වැලි, ගල් දැමීමක් කරේ නෑ, වඩාත් පිරිසිදුව ටැංකිය පවත්වාගෙන යාමේ පහසුව සදහා. විශේෂ කරුණක් ලෙස කිව යුතුයි Arowana ගත්ත කඩෙන්ම tank එකත් ගත්ත නිසා ඒ අය Arowanaව දාලා තිබ්බ වගේම tank setup එකක් තමයි මටත් තිබ්බේ.



Arowana කියන්නේ හුගක් උඩ පනින මාළු ජාතියක් නිසා හුගක් අය tank එකේ වතුර අඩු මට්ටමක තියනවා. නමුත් මේ අඩු කිරීම ප්‍රායෝගිකව මිනිස්සු තේරුම් අරන් නෑ කියන එකයි මගේ මතය.  වතුර ඕන මට්ටමක අඩු කරලා පැනීමකදි Arowanaට වන හානිය නැති කරගන්න බෑ, නමුත් හානිය වැඩි විය හැකී. ඒකට හේතුව මම මෙහෙම පැහැදිලි කරන්නම්.

1. Arowana කියන්නේ අඩි 2ක්/අඩි 3ක් ඉහළට පහසුවෙන් පැනිය හැකි මාළුවෙක්. ඒ කියන්නේ අපි වීදුරු ටැංකියක අවමයෙන් ජල මට්ටම හා වහල අතර අඩි 3ක පමණ ඉඩක් තියන්න ඕන. නැත්තන් Arowana වහලේ වැදීමෙන් වෙන හානිය වළක්වාගන්න පුළුවන් යැයි මම විශ්වාස කරන්නේ නෑ. ඒක ඉතින් ප්‍රායෝගිකව කරන්න බෑ කියන එක පැහැදිලිව තේරෙන කරුණක්.

2. ටැංකියේ වහළ උස්සල අපි හිතමුකෝ වතුර ටිකකුත් අඩු කරා කියලා. දැන් හිතන්න මාළුවා උඩට පැනලා පල්ලෙහාට වැටෙන අවස්ථාව. දැන් ගොඩාක් උඩට පනින්න පුළුවන් නිසා වැටෙන දුරත් වැඩී. දැන් එහෙම වැටෙනකොට ටැංකියේ අර උඩින් ගහලා තියෙන bar එකක හෝ මොහොක හරි වැදුනොත් ඉතා වේගයෙන් වදිනවා වගේම Arowanaගේ මුලු ඇගේම බර වැටෙනවා. අනිවාර්යෙන් දරුණු damage එකක්.

මම ඔය කරුණු ඔය විදියට හිතලා ජලය උපරිම මට්ටමකට පිරෙව්වා. දැන් Arowana පනින්න හිතද්දිම හොම්බ වදිනවා කෙලින්ම වහලේ, ලොකු damage එකක් වෙන්නේ නෑ. අනිත් එක උඩ පැනලා වැටෙන්න තරම් ඉඩක් නෑ. අනිත් එක මට හිතුන දේ තමයි දැන් වහළ ආසන්නයටම Arowanaට එන්න පුළුවන් නිසා එයාට උඩ බාධකයක් තියෙනවා කියලා පේනවා ඇති. බාධකයක් තියෙද්දි ඉතින් පනින්න පිස්සු වෙන්න එපැයි.

තව Arowanaගේ ආරක්ෂාවට කරන්න පුළුවන් දෙයක් තමයි tank එකේ වහලයේ සහා අනෙකුත් වැදී හානි විය හැකි ස්ථාන රෙජිෆෝම්, රබර් බට ආදියෙන් cover කිරීම. වතුර මොන මට්ටමට පිරෙව්වත් මේක කිරීම වඩාත් හොදයි Arowanaට.

මේ article එකේ දෙවන කොටසින් අපි දිනෙන් දින විසතරයක් බලමු Arowana ගැන. පහළ link එකෙන් දෙවන කොටස බලන්න පුළුවන්. 

Arowana සමග පළමු සතිය (Part II)...⇛

Comments

Popular posts from this blog

ඉබ්බෙක්ද? කැස්බෑවෙක්ද?

ටැංකියේ අලුත් ජලය අපැහැදිලි වෙන්නේ ඇයි?

මාළුන්ටත් පණු බෙහෙත් [UPDATED]