Arowana සමග පළමු මාසය (Part I)

ඔන්න එහෙනන් "Arowana සමග පළමු සතිය" ලිපියෙන් පොරොන්දු වුන පරිදි මාසෙකින් නැවත ලිව්වා Arowana ගැන අලුත්ම තොරතුරු. ඔයාලට කලින් ලිපි කියවගන්න බැරි උනානම් පල්ලෙහා link click කරලා එවා කියවන්න පුළුවන්.
මේ ලිපියෙන් අපි මේ පහළ තියෙන කරුණු සාකඡ්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. 
  • මගේ Arowanaගේ අලුත්ම තත්වය.
  • මගේ Arowanaගේ tank mate ගැන.
  • මේ මාළුන්ට feed කරන එක ගැන.
  • Arowanaට ඇති වන විශේෂ තත්වයක් ගැන.
  • තවත් කෙනෙක්ගේ Arowana එක්ක අත්දැකීමක්.


දෙවෙනි සතිය වෙනකොට මගේ Arowana නරක පුරුද්දක් ඇති කරගෙන. ඒ තමයි මම දාලා තියෙන driftwood එකේ ගුහාව වගේ තියෙනවා, දවල් වරුවේ මම ළග නැත්තන් ඒක ඇතුලට වෙලා තමයි ඉන්නේ. මට ටිකක් බයත් හිතුනා stress වෙලාවත්ද කියලා. හැබැයි ඉතින් කන්න එහෙම එනවා උඩට මම ගියාම. රෑට lights නිව්වයි පස්සේනන් හොදට එළියට ඇවිත් පීන පීන ඉන්නවා. මම රෑට විටින් විට වගෙ ගිහින් බලනවා ඒ හැම වෙලාවෙම පීන පීන ඉන්නේ, හැබැයි දවල්ටනන් එච්චර active නෑ. Bichir ගෙන් පුරුදු වෙච්ච එකක්ද මන්දා.

හැබැයි වැඩි කාලයක් ඒ පුරුද්ද තිබ්බේ නෑ. දැන් හොදට ආයේ එළියට වෙලා පීන පීන ඉන්නවා. දැන්නන් යටට වෙලා ඉන්නවා දකින්නෙම නෑ. සමහරවිට ඒ දවස්වල පොඩි පොඩි ඇගට මහන්සිය, පාළුව වගේ තියෙන්න ඇති. හරියටම හිතාගන්න බෑ හේතුවක් එහෙම යටට වෙලා ඉන්න.

දැන්නන් මම ඉස්සර වගේ කෑම කරල් ගාන ගනන් කර කර දැමිල්ලක් නෑ. දැන් ඉතින් Arowanaට අවුලක් නෑ කියලා දන්නවනේ. දැන් කරල් 5ක ප්‍රමාණය ඇහැට පේන විදියට අරන් දානවා. එතකොට ඉතින් කරල් 5-8ක් අතර ගානක් වැටෙනවා. සමහර වෙලාවට 8ක් වගේ වැටුනාම අන්තිම එක කනකොට වගේ කෑම එකේ කෑලී කිහිපයක් කුඩු වෙලා එළියට එනවා කටෙන්. එවෙලෙට ඉතින් Bichir වැඩ පටන් ගන්නවා. බල්ලෙක් වගේ ඉව අල්ලගෙන වටේම ගිහින් ඒවා ටික කාලා දානවා. 😅


ඔය කෑම දෙන ක්‍රමය සාමාන්‍යයෙන් මම දවල් වරුවේ ගෙදර නැති වෙලාවට විතරයි දැන් කරන්නේ. මම ගෙදර ඉන්න දවස්වලට වෙනම විදියක් කරන්නේ. ඒ තමයි උදේට පොඩ්ඩක් අඩුවෙන් කෑම දෙනවා. ඊට පස්සේ දවස පුරාම පය දෙක තුනකට සැරයක් Arowanaව බලන්න ගියාම කෑම කරල් දෙකක් තුනක් දානවා. අර වෙනදා ක්‍රමේට තරම්ම තමයි එයාට කෑම හම්බවෙන්නේ හැබැයි පොඩ්ඩ පොඩ්ඩ දවස පුරාවට. මේ ක්‍රමය මම උත්සහා කරන්න හේතුව තමයි මෙහෙම කරාම එයා දවස පුරාම හුගක් active. උදේට හොදට බඩ පිරෙන්න එක පාර කෑම දුන්නාම එයා දවල් වරුවේ අර බඩගින්නේ ඉන්න වෙලාවල්වල තරම් active නෑ. අපි ළගට ගියාමත් හදිස්සියෙන් වගේ පීනන් එන්නේ නෑ, හෙමීට තමයි එන්නේ. අපි උනත් බඩ පිරෙන්න කෑවම relax එකේ ඉන්න නේ කැමතී. නමුත් මේ අලුත් ක්‍රමේට දෙද්දී එයා දන්නවා අපි එන හැම වෙලාවටම එයාට පොඩි treat එකක් හම්බ වෙනවා කියලා. ඒ වගේම කන්න බඩේ ඉඩත් තියෙනවා. ඉතින් සට පට ගාලා එන්නේ ළගට කෑම ඉල්ලගෙන. ඒක නිසා හීලෑ ගතියත් වැඩි මේ ක්‍රමයට කන්න දෙනකොට.

හැබැයි මේ ක්‍රමය කොච්චර දුරට මාළුවාට හිතකරද කියලා ඔයාලට කියන්න තරම් මට කරුණු හොයාගන්න බැරි උනා. ඒක නිසා මේ ක්‍රමය හොදයි කියලා කියන්න විදියක් නෑ මට. නමුත් මේක බොහොම ස්වාභාවික විදියක් කියලයි මට හිතෙන්නේ. මොකද ස්වාභාවික පරිසරයේදි මෙයාලට කන්න වෙලාවක් කලාවක් නෑ. ගොදුරක් හම්බවෙච්ච වෙලාවක කන්න ඕන. ඒක නිසා මේ ක්‍රමය මම තවදුරටත් කරගෙන යන්න එච්චර පැකිලීමක් නෑ. නමුත් ඔයාලා මේ ගැන යම් කරුණක් දන්නවානන් comment කරන් යන්න. ඒක ලොකු උදව්වක්.

සමහර දවස් වලට මෙයාලට ඉස්සෝ ආහාර වේලකුත් හම්බවෙනවා. එහෙන් පිටින් ඉස්සා එක පාර දෙන්නේ නෑ. ඉස්සගේ ඔලුවයි, පිටිපස්සේ වලිගෙයි, කකුලුයි, පොතුයි ඉවත් කරලා, කටට හරි යන size එකට කපලා තමයි දෙන්නේ. එදාට pellet දෙන්නේ නෑ. ඉස්සෝවලට හැම මාංසභක්ෂක මාළුවෙක්ම ආසයි වගේ මේ දෙන්නත් ඉස්සෝනන් දෙන ඕන තරමක් කනවා. නමුත් ඉතින් එයාලට ඉල්ලන තරමක් දුන්නොත් ඉක්මනට ලෙඩ වෙයි. ඒක නිසා පාලනයක් ඇතුව තමයි දෙන්න ඕන. ඉස්සෝ දෙන දවසට හවසටත් Arowanaගෙයි, Bichirගෙයි බඩ හොදට පිම්බිලා පිරිලා වගේ තියෙනවා. අර මාළු කෑම වගේ මම හිතන්නේ ඉක්මනට පහසුවට දිරවන්නේ නෑ. අනිත් එක ගොඩාක් කනවත් නේ එක සැරේට. ඒ නිසා ඉස්සො දෙන දවසට එක වේලයි දවසට කන්න දෙන්නේ. හැබැයි දවසට දෙසැරයක් දෙන දවස් නැතුවම නෙමෙයි. මම කරන්නේ ඉස්සෝ කිහිපයක්ම කපලා අර වහන්න පුළුවන් yogurt cup එකක දාලා freezer එකේ තියනවා. ඊට පස්සේ පොඩ්ඩ පොඩ්ඩ දවස් දෙක තුනක් දෙනවා. ඉස්සෝ වගේ ඒවා එක දිගට එක ළග දවස් නොදී කඩින් කඩ දෙනවානන් තමයි හොද. නැත්තන් එයාලා සමහර විට අපි දෙන මාළු කෑම එක ප්‍රතික්ෂේප කරන්න ඉඩ තියෙනවා පස්සේ. එවගේම ඇගට එක පාර ලොකු protein ප්‍රමාණයක් දෙන එකත් හොදයිද කියලා ප්‍රශ්නයක් එනවා. තාම ඉතින් හැදෙන වැඩෙන වයසනේ කියලා මමනන් එක ළග දවස් වල දුන්නා හැබැයි. මේ ගැන තව සොයා බලන්නේ ඕන. ඒ ගැන වැදගත් කරුණු දැනගන්න ලැබුනොත් අනාගතේදී ඔයාලා එක්ක බෙදාහදා ගන්නම්.

Hand feeding වලට පුරුදු කරන්න ලේසියෙන්ම යොදාගන්න පුළුවන් දෙයක් තමයි ඉස්සෝ. මාළුවන්ටත් ඉස්සෝ රස තරම් වෙන රසක් නම් නෑ. මාළු කෑම වලට වඩා අපිට අතින් අල්ලගන්නත් ලේසී නේ. Arowanataට ඉස්සෝ දුන්න 3 වෙනි දවසේ ඉදන් ඉස්සෝ මගේ අතින්මයි කැව්වේ. පහළ video එකෙන් බලාගන්න පුළුවන් ඒක.😃😃😃 Bichirට ඉතින් අතින් කැවිල්ලක් නෑ, එයාට හම්බවෙන්නේ වතුර යටට Arowanaට හොරෙන් ගිල්ලන ඒවා.😅කොහොමහරි මේ මාසේ ඇතුලත දින 9ක් පමණ එයාලට හම්බ්වුනේ ඉස්සෝ. දවස් 3ක් එක දිගට ඉස්සෝ දීලා, දවස් දෙකක් pellet දීලා, ආයේ ඉස්සෝ දෙනවා. ඒ අතර දවස් දෙකේ අර මම කිව්වා වගේ pellet කෑම වලට ආසාවක් දැක්වූවේ නෑ. මාව දැක්කම හයියෙන් පීනගෙන ඇවිත් කෑම ඉල්ලනවා ඉස්සෝ දෙයි කියලා හිතාගෙන වෙන්න ඇති හැබැයි pellets දැම්මම ඇට එකක් දෙකක් කාලා අනිත් ඒවා කටට අරන් එළියට දානවා. අවසානෙට ඉස්සෝ දීලා දවස් 3ක් ගතවෙද්දී නන් Arowana සාමාන්‍ය විදියට pellet කන්න ගන්නවා. Bichirනන් දෙන ඕන එකක්, ඕන වෙලාවක කනවා. ඒක නිසා එයාට feed කරන එක ලේසි වගේම නාස්තියකුත් නෑ.

ඔයාලා දන්නවනේ Bichirට මම Arowanaට දෙන පාවෙන කෑම එකම ගිලෙන විදියට හදලා දුන්නේ කියලා. ඒක කරදර වැඩැක් වගේම ටැංකිය අපිරිසිදු වෙන වැඩැක් මොකද ඒක ගිලෙද්දී කුඩු වගේ කැඩිලා යනවා පොඩ්ඩක් හැම තැනම, ඒකේ තියෙන රසෙත් අඩු වෙනවා ඇති.  ඒක නිසා ගත්තා Hikari Sinking Carnivore Pellet එක. මේක පතුලේ ඉන්න Catfish, Stingray, Bichir වගේ මාළුන්ට කියාපු කෑම එක. මම මේ පල්ලෙහා දාලා තියෙන්නේ එවා මම ගන්න කෙනාගේ Facebook profile එකට link එක. එයා ගාව තව ජාති තියෙනවා මම හිතන්නේ. ඔයාලටත් අවශ්‍යනන් එයාට කියලා කඩේට ගිහින් ගන්න ගානට වඩා අඩුවට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්.
මේ pellet ජාති ඔක්කොම මාංසභක්ෂක මාළුන්ට විශේෂයෙන් සැකසුන ඒවා. හුගක් live feeding වලට පුරුදු වෙලා ඉන්න මාළුන්ට හොද ආහාර ආදේශයක්. Live feeding කරනවනන් ඔයාලගේ මාළුවට විවිද රෝග වැළදීමේ හැකියාවක් තියෙනවා. මොකද අපි ඒ කන්න දාන මාළුවාට මොන මොන ලෙඩ තීද කියලා අපිට හරියටම කියන්න බෑ. හුගක් අය live feed කරන්න දාන මාළුන්ව වෙනම හදලා තමයි දාන්නේ. තමන් හදපු මාළුවෙක් එහෙම කොහොම කෑමට දානවද කියලානන් හිතාගන්න බෑ. Live feeding නැතැත් අපි නිතර ආහාර ලෙස මස් මාංෂ දුන්නොත් ටැංකිය අපිරිසිදු වීමේ වේගය වැඩී. එවගේම සමහර විට සුදු පනුවෝ ජාතියක් බෝ වෙනවා ටැංකියේ. ඒ පණුවන්ගෙන් හානියක් නම් නෑ හැබැයි ඉතින් වතුර අපිරිසිදු ගතියක් පේනවා එතකොට. මේ පණුවෝ case එකට හුගක් අය Angel ලා වගේ මාළු යොදාගන්නවා පණුවෝ ටික කාලා දාන්න. Live feeding වල වාසියක් තමයි ඒක අපි ඇති කරන මාළුවගේ මානසිකත්වයට හොදයි මොකද එයාලා එයාලගේ පරිසරයේදී දඩයම් කරලා තමයි කෑම හොයාගන්නේ. නමුත් ඉතින් මේ ක්‍රියාව ටිකක් කෲර ක්‍රියාවක් ලෙස තමයි මම දකින්නේ. ඉදලා හිටලා අහාරයේ වෙනසක් කිරීම සදහා ඉස්සෝ, සාලයෝ වැනි දෙවල් මාළුවට දීමනන් හොදයි. හැබැයි කුකුළ් මස් වගේ ඒවානන් හොද නෑ. මොකද මේද වැඩී නිසා ඒවා මාළුන්ගේ එහේ මෙහේ තැන්පත් වෙන්න පුළුවන්. අනිත් එක ඔය කුකුළන් ලොකු වෙන්න කියලා දාන අරවා මේවා මොන වගේ බලපෑම් කරයිද කියන්න බෑ.

Arowanaලට නිතර උඩ බලවන්න හුගක් අය දානවා ප්ලාස්ටික් බෝල. මමත් දැම්මා ප්ලාස්ටික් බෝලයක්. මම දාපු බෝලය එච්චර සාර්ථක උනේ නෑ. ඒ බෝලේ නිතරම එකම තැනක හිර වෙනවා. ඒ නිසා පස්සේ ඊට වඩා කුඩා බෝලයක් හෝ බෝල කිහිපයක්  දාන්න තමයි හිතන් ඉන්නේ. 

ඒත් ඇයි මේ බෝල දාන්නේ? මේක දැනගන්න කියවන්න මේ ලිපියේ දෙවන කොටස. තව තියෙනවා ගොඩාක් දේවල් කියන්න. ඒ ඔක්කෝම විස්තර අපි කතා කරමු දෙවන කොටසෙන්.

Comments

  1. Ane ayye . Mage gold fish la pataw dala .mama monadha karanna one .
    Ada tama damme.
    Bittara 30 witara tiyenawanan

    ReplyDelete
  2. Mama palaweni parata dakke bittar dala tyenawa

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ඉබ්බෙක්ද? කැස්බෑවෙක්ද?

ටැංකියේ අලුත් ජලය අපැහැදිලි වෙන්නේ ඇයි?

මාළුන්ටත් පණු බෙහෙත් [UPDATED]