Posts

මාළුන්ටත් පණු බෙහෙත් [UPDATED]

Image
හුගක් අය නොදන්න කාරණයක් තමයි මාළුන්ටත් පණු බෙහෙත් දෙන්න ඕන කියන එක. සාමාන්‍යයෙන් මාංශභක්ෂක මාළුන්ට අපි නිතර අමු මස් ජාති කවනවනන් පණු බෙහෙත් දීම බොහෝ වැදගත්. මස් මාංශ පමණක් දෙන මාළුන්ට පුරුද්දක් වශයෙන් වසරකට 2පාරක් හෝ 3පාරක් (මාස 3ක්ට හෝ 4කට වරක්) වගේ පණු බෙහෙත් දෙනවානම් හොදයි. Pellet ජාති පමණක් ආහාරයට ගනිමින් වැඩුනු මාළුන්ටනන් ඒක එච්චර අවශ්‍ය නෑ. මාස 6කට සැරයක් වගේ දුන්නම ප්‍රමාණවත්. මේ ලිපියෙන් මාළු ගැන හොද අත්දැකීම් සහ දැනුමක් තියෙන සහෝදරයෝ කිහිපදෙනෙක්ගෙන් එකතු කරගත් පණු බෙහෙත් පිළිබද විස්තර කිහිපයක් ඔයාලා එක්ක බෙදාගන්න හිතුවා. මුළින් හදුනාගන්න උත්සහා කරමු පණු අමාරුවකින් පෙලෙන මාළු. අස්වාභාවික ලෙස කෙට්ටූ ශරීරයක් හෝ ඉදිමිච්ච වගේ බඩක් ආහාර අරුචිය අසාමාන්‍ය ලෙස ගැස්සිලා වගේ හෝ හදිස්සියෙන් වගේ වේගයෙන් පිහිනීම සුදුවට හුරු වර්ණයකින් මලපහ කිරීම සුදු නූල් වැනි දේ මලපහ කිරීම. මාළුන්ට නියමිත වේලාවට පණු බෙහෙත් ලබාදීමෙන් හොද වර්ධනයක් (විශාලත්වයෙන් සහ වර්ණ වලින්) ලබාගත හැක. පණු බෙහෙත් විදිහට Praziquantel අඩංගු බෙහෙත් දෙන්න පුළුවන්. මම විස්තර ලබාගත් කට්ටිය භාවිතා කරන බෙහෙත් තම

වැහි වතුරට මාළු මැරෙන්නේ ඇයි?

Image
  වැස්සකින් මාළු මැරෙන්න ලොකුම හේතුව ජලයේ pH එක වෙනස් වෙන එක. කොච්චර pH එකක් වෙනස් වෙනවද කියලනන් කියන්න අමාරුයි (අගයන් වෙනස් වෙන නිසා) නමුත් මේ එක පාර pH එක වෙනස් වෙන එක හුගක් මාළුන්ට දරාගන්න බෑ.මාළු මැරෙන එක , එක එක අයට බලපාන විදිය වෙනස් වෙන්න හේතු කිහිපයක් තියෙනවා. මම දන්න විදියට , දන්න කරුණු පැහැදිලි කරන්නන්. 1. pond එකට කොච්චර වැහි වතුර ප්‍රමාණයක් එකතු උනාද කියන එක 2. pond එකේ ජල ප්‍රමාණය කරුණු දෙකක් හැටියට මේක ඉදිරිපත් කරාට මේ කරුණු දෙක එකිනෙකට සම්බන්ධයි. මොකද pond එකේ ජල ප්‍රමාණයට සාපේක්ෂව තමයි වැහි වතුර එකතු වූ ප්‍රමාණයේ අඩු වැඩි කියන එක තීරණය වෙන්නේ.ගැඹුරින් අඩු , ලොකු වර්ගඵලයක් තියෙන pond තියෙනවා සමහර අයට , මේක තරමක් අවාසිදායක දෙයක් ලෙස මම දකින්නේ වැස්ස වෙලාවට , මොකද වැඩි වර්ගඵලයකින් වැඩි වැහි වතුර ප්‍රමාණයක් එකතු වෙනවා.එවගේම පොළොවේ පහල මට්ටමක පිහිටලා තියෙනවානම් වැහි වතුර ගලාගෙන ඇවිත් pond එකට එකතු වෙනවානම් තත්වය හුගක් දරුණු වෙන්න පුළුවන්. මේ තත්වෙට හොදම පිළියම තමයි ඉතින් වැහි වතුර නොවැටෙන විදියට pond ආවරණය කිරීම. හදිසි අවස්ථාවක එම ආවරණය 100% ක් අවරණය කළ ය

අවුල් filter එකකින් හොද filter එකක්

Image
සමහර කට්ටිය අරන් ඇතිනේ පහළ රූපයේ වගේ පොඩි power filter, nano tanks වලට භාවිතා කරන. එහෙම අරගෙන පාවිච්චී කරද්දි තේරෙන්න ඇති ඇත්තටම ඕකෙන් ලොකුවට වෙන දෙයක් නෑ. තියෙන්නෙත් පොඩි sponge කෑල්ලක්, ඒකට අහුවෙන්නෙත් පොඩි කුණු ප්‍රමාණයයි, කුණු පිරෙද්දී දවසින් දෙකෙන් power head එක මන්දගාමී වෙනවා. මේ post එකෙන් කියන්න බලාපොරොත්තූ වෙන්නේ ඒකෙන් වැඩක් ගන්න පුළුවන් විදිහක්. ඔන්න පැත්තකට ඒවා අයින් කරලා දාලා තීනන් ඒවා හොයලා අරන් ලෑස්ති වෙන්න හොද filter එකක් හදාගන්න. මම මේකට භාවිතා කරපු ඒවා ඔන්න පහළ ලයිස්තුවකට දැම්මා. නමුත් වැඩේ හරියට තේරුම්ගත්තොත් ඔයාලට සමහර විට නිවසේ තියෙන ඒවා වලින්ම මට වඩා සාර්ථක filter එකක් හදාගන්න පුළුවන්. ප්ලාස්ටික් බෝතලයක් filter වලට යොදාගන්න sponge එකක් Gas බටයක් (power head එකේ outlet එකට සවි කළ හැකි size එකක) ඇදුම් එල්ලන clip දෙකක් කතුරක් සහ බෝතලය හිල් කරන්න භාවිතා කර හැකි ඕනම උපකරණයක්. වැඩි විස්තර ඕන නෑ. පහළ රූපයේ තියෙනවා බෝතලේට කරපු දේ. මම කළේ අඩිය කපලා ඉවත් කරගත්තා. ටැංකියට ගැලපෙන දිගට බෝතලය කපාගෙන, බෝතලය ටැංකියේ රදවන්න පුළුවන් වෙන විදියට බෝතලේ වටේ කොටසක් කපලා

ඉබ්බෙක්ද? කැස්බෑවෙක්ද?

Image
ඔයාලා දැනටමත් දන්නවා ඇති "මාළු පිස්සුව" blog එක තුළින් හැමදාමත් ගෙන එන්නේ අලුත්ම සහා වැඩිය කතාබහට ලක් නොවන කරුණු ගැන. මේ post එකත් ඒවගේමයි. මෙම post එකේ ප්‍රධාන පින්තූරය දැක්ක ගමන් හුගක් අය දන්නවා මේ ඉන්නේ ඉබ්බෙක් කියලා. අපි මෙයා ජීවත් වන වයස, විශාලත්වය ආදිය නෙමෙයි කතා කරන්න බලාපොරොත්තූ වෙන්නේ, අපි මෙයාගේ නමයි විශ්ලේෂනය කරන්න උත්සහ කරන්නේ. ඉංග්‍රීසි නාමය: Red Ear Slider  සිංහල නාමය: රතු කන් ඉබ්බා මෙවැනි උරගයන් ඉංග්‍රීසියෙන් වර්ග 3කට බෙදෙනවා. ඒ tortoise, turtle සහ terrapin ලෙස. අපි tortoise සහ turtle ගැන අහලා තියෙනවා. මේ terrapin කියන්නේ ඇත්තටම කුඩා turtle විශේෂයක්. අපේ මේ Red Ear Slider කියන කෙනාගෙත් නම ඉංග්‍රීසියෙන් නිවැරදිව කියනාවනම් Red Ear Slider Terrapin තමයි වෙන්න ඕන. නමුත් terrapin කියන්නේ turtle වර්ගයක් ලෙසම සැලකෙන නිසා Red Ear Slider Turtle ලෙස ඉංග්‍රීසියෙන් බහුලව මෙයාලව හදුන්වනවා. මේකේ ඇත්තටම කිසි ගැටළුවක් නෑ. නමුත් සිංහල නාමය තුල තරමක ප්‍රශ්නයක් මම දකිනවා. අපි මේ Red Ear Slider Turtleලව හදුන්වන්නේ "රතු කන් ඉබ්බා" ලෙස. සාමාන්‍යයෙන් අපි ඉංග්

Filterවලට මොනාද හොද?

Image
අපි මේ ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මාළු ටැංකියක filter එකට දාන ද්‍රව්‍ය වර්ග ගැන (filter media). සාමාන්‍යයෙන් filter media ගැන කතා කරද්දී ඒවා වර්ග 3කට බෙදෙනවා. මේ වර්ග 3න් ටැංකියේ ජලයේ විවිධ අපද්‍රව්‍ය තමයි ඉවත් කෙරෙන්නේ. මේ වර්ග 3 නම්, Mechanical Biological Chemical Mechanical Media ඔයාලා හැමෝම වගේ දැකලා ඇති පහළ රූපයේ තියෙනවා වගේ කළු පාට ස්පොන්ජ් (sponge) වගේ ඒවා. මේවා තමයි mechanical filtration වලට වැඩි පුරම යොදාගන්නේ. මේවයින් කෙරෙන්නේ ජලයේ තියෙන කුඩා ජරාව කැබලි ඉවත් කරන එක. උදාහරණ ලෙස මාළු අශූචී වල කොටස්, මාළු නොකන ලද මාළු කෑම කොටස් ආදිය. ඒ කියන්නේ ජලයේ දිය නොවන වර්ගයේ ද්‍රව්‍ය තමයි ඉවත් කෙරෙන්නේ. ජලය මේ media හරහා යද්දී අර කුණු මේ media එකෙන් රදවගන්නවා. මේවා නිතරම වගේ කුණු පිරුණම පිරිසිදු කරන්න ඕන. මේ media වල තියෙන කුඩා සිදුරු එක එක විශාලත්ව වලින් ගන්න පුළුවන්. සිදුරු කුඩා වෙන්න වෙන්න ජලයේ පාවෙමින් තිබෙන කුඩාම අපද්‍රව්‍ය දක්වා ඉවත් කරන්න පුළුවන්. හැබැයි සිදුරු කුඩාවන තරමට ඒවායේ කුණු පිරුණම අපට පිරිසිදු කරන්න අමාරුයි.  හොද mechanical filtration එකක්

විදුලි බිලට ටැංකියේ light, motor වල බලපෑම

Image
මේ කියන්න යන්නේ ඔයාලගේ ටැංකියට ඔයගොල්ලෝ දාන light, motor, heater වගේ ඒවැයින් විදුලි බිලට unit කීයක් එකතු වෙනවද කියලා. මේ ක්‍රමය ඉතින් ඔයාලගේ ඕනෑම විදුලි උපකරණයකින් ගෙදර මාසේ බිලට unit කීයක් එකතු වෙනවද කියලා හොයාගන්න යොදාගන්න පුළුවන්. මුලින්ම අපි හොයාගන්න ඕන උපකරණයේ වොට් (Watt) ගණන.  පහළ තියෙන්නේ Air pump එකක ගසා ඇති එහි specifications. අපි මේ ගණනයට උදාහරණයක් ලෙස මේ උපකරණය සළකමු. "W" අකුරක් සමග සදහන් කරලා තියෙන්නේ එහි වොට් අගයයි. මෙම air pump එකේ specification වලට අනුව මෙය වොට් 10ක (10W) බලයකින් ක්‍රියාකරනවා. මේ වොට් ගණන අපි දිනකට මේ උපකරණය on කරලා තියෙන වෙලාවෙන් වැඩි කරන්න. අපි උදාහරණයට ගත්තේ air pump එකක් නිසා ඒක පැය 24 පුරාම දුවන නිසා අපි 24න් වැඩි කරමු. 10W x 24h = 240Wh ඉහත දිනකට ආපු අගය 30න් වැඩි කරන්න.  අපි සාමාන්‍යයෙන් මාසෙකට දින 30ක් කියලා තමයි ගණනය කරන්නේ. (අවශ්‍යනම් 31න් වැඩිකර 31 දින තියෙන මාසෙකට ගණන සාදාගන්න). 240Wh x 30 = 7200Wh දැන් 1000න් බෙදන්න. 1000න් බෙදුවම අපිට එනවා මාසෙකට එම උපකරණය නිසා වැය වන unit ගණන. මෙහි ඒකකය වන්නේ

Arowana සමග පළමු මාසය (Part II)

Image
Arowana සමග පළමු මාසය (Part I) කියෙව්වේ නැත්තන් මේ ලිපියේ අවසානයේ තියෙනවා link එක. අපි පළවෙනි කොටසේ අවසානයේ අහපු ප්‍රශ්නෙට උත්තරෙත් එක්ක පටන්ගමු මේ කොටස. මේ බෝල දාන්න හේතුව තමයි Arowanaලගේ ඇහේ ඇතිවන drop eye තත්වය. Drop eye කියන්නේ Arowanaගේ ඇස පහළට දිස් වෙලා තියෙන එක. ඇස උඩ තෙල් තට්ටුවක් බැදීම නිසා Arowanaට ඇස උඩට හරවන්න අමාරු වෙනවා. හුගක් වෙලාවට මේක ඇති වෙන්නේ එක ඇසකට පමණයි. හැබැයි ඇස් දෙකටම වෙච්ච Arowanaලත් මම දැකලා තියෙනවා. Arowanaට හරියට feed කරනවානන් මේ drop eye තත්වය ඇති වීම සෑහෙන දුරට වළක්වාගන්න පුළුවන්. ඒවුනාට එන්නෙම නෑ කියන්න බෑ, ජාන බලපාන්නත් පුළුවන්. හුගක් silver arowanaලගේ drop eye දකින්න තියෙන්නේ ජානමය හේතුවක් නිසා වෙන්න පුළුවන්. Drop eye වලට තව හේතුවක් වෙන්න පුළුවන් ඕනාට වඩා එළියෙන් වැඩි tank light යොදාගන්න එක. එතකොට Arowanaලා උඩ බලන්න මැලිකමක් දක්වන නිසා. ඇස නිතර exercise වන ආකාරයේ active fishලා යොදාගැනීමත් මේ තත්වය වලකාගන්න හොදයි. Drop eye දරුණු තත්වයක් ඇති උනොත් operation කරලා තමයි ඉවත් කරන්න වෙන්නේ. දරුණුවට නැත්තන් වෙනත් ප්‍රතිකර්ම තියෙනවා වෙන්න පුළුවන්. ලංකාවේ එ